Home » ප්‍රංශයේ ‘PROVENCE’ කොළඹ වරා­යට

ප්‍රංශයේ ‘PROVENCE’ කොළඹ වරා­යට

by Gayan Abeykoon
March 18, 2025 4:01 pm 0 comment

රක්ෂණ ශ්රියන්ත

ප්‍රංශ නාවික හමු­දා­වට අයත් ‘PROVENCE’ නෞකාව නිල සංචා­ර­යක් සඳහා පෙරේදා ( 16) කොළඹ වරා­යට පැමිණි අතර, ශ්‍රී ලංකා නාවික හමු­දාව විසින් එම නෞකාව නාවික හමුදා සම්ප්‍ර­දා­යා­නු­කු­ලව පිළි­ගැ­නී­මට කට­යුතු කෙරිණි.

මෙලෙස කොළඹ වරා­යට සේන්දු වූ DESTROYER වර්ග­යට අයත් ‘PROVENCE’ නෞකාව, දිගින් මීටර් 142.20 ක් හා නැව් කාර්ය මණ්ඩ­ලය 160 ක ගෙන් සම­ත්විත වන අතර, නෞකාවේ අණ­දෙන නිල­ධාරී ලෙස Captain Lionel SIEGFRIED කට­යුතු කරනු ලබයි.

එමෙන්ම, ‘PROVENCE’ නෞකාව දිව­යිනේ රැඳී සිටින කාල­සී­මාව තුල එහි නැව් කාර්ය මණ්ඩ­ලය දිව­යිනේ වැද­ගත් ස්ථාන නැර­ඹීම සඳහා ප්‍රදේශ කිහි­ප­යක සංචා­රය කිරී­ම­ටද නිය­මි­තව ඇති අතර‍, නිල සංචා­රය අව­සා­නයේ මෙම 20 වන දින එම නෞකාව දිව­යි­නෙන් පිටත්ව යාමට නිය­මි­තව ඇත.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT