Home » හදවත් රෝගීන් වෙනුවෙන් ගත් කැබිනට් තීරණය

හදවත් රෝගීන් වෙනුවෙන් ගත් කැබිනට් තීරණය

by yasara
March 18, 2025 3:50 pm 0 comment

ටෙනෙක්ටිප්ලේස් ඉන්ජෙක්ෂන් මිලි ග්රෑම් 40 න් වයල් 6,000ක් ප්‍රසම්පාදනය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබෙයි.

හෘදයාබාධ ඇති වූ පුද්ගලයින් මරණයට පත් වීම වළක්වා ගැනීම සඳහා ලබා දෙන එන්නතක් වන ටෙනෙක්ටිප්ලේස් 40mg එන්නතින් වයල් 6000ක් මිල දී ගැනීම සඳහා ජාත්‍යන්තර තරගකාරී ලංසු කැදවීමේ ප්‍රසම්පාදන ක්‍රමවේදය අනුගමනය කරමිනුයි ලංසු කැඳවා ඇත.

ඒ සඳහා ලංසු 03ක් ලැබී ඇත.

අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය මත පදනම්ව, සාරානුකූලව ප්‍රතිචාර දක්වන ලද අවම ලංසුකරු වන ශ්‍රී ලංකාවෙහි M/s Lifecerll Interventions (Pvt) Ltd (Manufacturer – Gennova Biopharmaceuticals Limited, India) වෙත අදාළ කොන්ත්‍රාත්තුව පිරිනැමීම පිණිස සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබෙයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT