Home » ලේක්හ­වු­සියේ උද­යට ජය

ලේක්හ­වු­සියේ උද­යට ජය

by Gayan Abeykoon
March 18, 2025 4:13 pm 0 comment

හත­ළි­ස්නව වැනි ජාතික මහා ක්‍රීඩා උලෙ­ළට සම­ගා­මීව කොළො­න්නාව ප්‍රාදේ­ශීය ලේකම් කාර්යාල ශ්‍රව­ණා­ගා­ර­යේදී පැවති කාය­ව­ර්ධන අංශයේ ශූර­තා­වය සඳහා වූ තර­ගා­ව­ලි­යේදී ලේක්හ­වුස් ක්‍රීඩා සමා­ජය නියෝ­ජ­නය කර­මින් එක්වූ එල්.පී.අයි. උදය දිස්ත්‍රික් ප්‍රථම ස්ථාන­යක් දිනා ගැනී­මට සමත් විය.

ලේක්හ­වුස් ආය­ත­නයේ ගිණුම් අංශයේ සේවය කරන උදය කිලෝ­ග්‍රෑම් 75 බර පන්තියේ මේ ජය හිමි­කර ගත්තේය.

ක්‍රීඩා අමා­ත්‍යාං­ශයේ මෙහෙ­ය­වී­මෙන් ශ්‍රී ලංකා කාය­ව­ර්ධන හා ශාරී­රික යෝග්‍යතා සම්මේ­ල­නයේ පූර්ණ අධී­ක්ෂ­ණය යටතේ පැවති මේ තර­ගා­ව­ලි­යේදී කිලෝ­ග්‍රෑම් 55 සිට 90ට වැඩි දක්වා  බර පන්ති 9ක් යටතේ තරග පැවැ­ත්විණි.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT