Home » 2025 ජුබිලි වසර: අග­ර­ද­ගුරු පදවි ජනසන්නි­වේ­දන සමු­ළු­වෙන්

2025 ජුබිලි වසර: අග­ර­ද­ගුරු පදවි ජනසන්නි­වේ­දන සමු­ළු­වෙන්

by Gayan Abeykoon
March 20, 2025 4:01 pm 0 comment

නෙරං­ජලා වික්ර­ම­සිංහ

2025 ජුබිලි වසර වෙනු­වෙන් පව­ත්වන ලද අග­ර­ද­ගුරු පදවි ජන සන්නි­වේ­දන සමු­ළුව පසු­ගි­යදා (15)  බොරැල්ල අග­ර­ද­ගුරු නිල නිවසේ ශ්‍රව­ණා­ගා­ර­යේදී පැවැ­ත්විණි.

“මිහි­මත ප්‍රේමයේ සුබ වදන පතු­රා­ලනු වස් මාධ්‍ය­ක­ර­ණයේ සහ කලා ක්ෂේත්‍රයේ අපගේ වග­කීම් සොයා යමු” තේමාව කර­ග­නි­මින් අග­ර­ද­ගුරු අති­උ­තුම් මැල්කම් කාදි­නල් රංජිත් හිමි­පා­ණන්ගේ ප්‍රධා­න­ත්ව­යෙන් අග­ර­ද­ගුරු පදවි ජන සන්නි­වේ­දන සහ සංස්කෘ­තික කේන්ද්‍රය මඟින් ජන සන්නි­වේ­දන සමු­ළුව සංවි­ධාන කර තිබුණි.

ශ්‍රී ලංකා රද­ගුරු සම්මේ­ල­නයේ මාධ්‍ය අංශය භාර කොළඹ සහ­යක රද­ගුරු අති­උ­තුම් මැක්ස්වෙල් සිල්වා හිමි­පා­ණන් ද මේ සමු­ළු­වට සහ­භාගී වූ අතර සියත රූප­වා­හිනී නාළි­කාවේ ජ්‍යෙෂ්ඨ මාධ්‍ය­වේදී ලාල් හේමන්ත මාව­ලගේ, ප්‍රංශ පුවත් සේවයේ ශ්‍රී ලංකාව සහ මාල­දි­ව­යින නියෝ­ජ­නය කරන ජ්‍යෙෂ්ඨ මාධ්‍ය­වේදී අමල් ජය­සිංහ, සිනමා හා රුප­වා­හිනී නිෂ්පා­දක, අධ්‍යක්ෂ තිර­කතා රචක, ග්‍රන්ථ කර්තෘ විශ්ව­වි­ද්‍යාල බාහිර කථි­කා­චාර්ය ආචාර්ය බර්ට්‍රම් නිහාල් සහ වර්බුම් නාළිකා නිර්මාතෘ සභා­පති මිලන් ද සිල්වා යන මහත්ම මහ­ත්මීහු  මේ සමු­ළුවේ සම්පත් දාය­ක­යන් ලෙස එක්වූහ.

අග­ර­ද­ගුරු පදවි ජන සන්නි­වේ­දන සමු­ළුව අග­ර­ද­ගුරු පදවි ජන සන්නි­වේ­දන අධ්‍යක්ෂ ජූඩ් ක්‍රිෂාන්ත පිය­තු­මන්ගේ මඟ­පෙ­න්වීම ඇතිව අග­ර­ද­ගුරු පදවි ජන සන්නි­වේ­දන සහ සංස්කෘ­තික කේන්ද්‍රය මඟින් සංවි­ධාන කර තිබූ අතර සමු­ළු­වට පූජා ප්‍රසා­දීන් වහන්සේ විශාල පිරි­සක් පැවිදි සොයුර සොයු­රි­යන් මෙන්ම කලා­ක­රු­වන්, මාධ්‍ය ආය­තන නියෝ­ජ­නය කර­මින් මාධ්‍ය­වේ­දින් මෙන්ම සමාජ මාධ්‍ය ජාලා ක්‍රියා­කා­රීහු පිරි­සක් මේ අව­ස්ථා­වට සහ­භාගි වූහ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT