Sunday, May 11, 2025
Home » කුරු­ණෑ­ගල රෝහලේ මෘත ශරී­රා­ගාර පරි­ශ්‍ර­යට වැසි­කිළි කැසි­කිළි නෑ

කුරු­ණෑ­ගල රෝහලේ මෘත ශරී­රා­ගාර පරි­ශ්‍ර­යට වැසි­කිළි කැසි­කිළි නෑ

by Gayan Abeykoon
March 20, 2025 4:01 pm 0 comment

පොල්පි­ති­ගම සමූහ නන්දන කැලේ­ගම
ජල නළ­ව­ලට බාධා ගෙනෙන රූස්ස ගස

කුරු­ණෑ­ගල ශික්ෂණ රෝහලේ මෘත ශරී­රා­ගාර පරි­ශ්‍රයේ තිබෙන විශාල නුග ගසෙහි මූල පද්ධ­තිය පොළව යටින් දසත පුරා ඇදී යාමෙන් වැසි­කිළි සඳහා වතුර ගෙන යන ජල නළ පද්ධති සම්පූ­ර්ණ­යෙන්ම මුල් හිරවී ඇන හිට තිබේ. මෙම තත්ත්වය වසර දෙකක පමණ සිට පව­තින ගැට­ලු­වක් වන

ජල නළ හිර­වී­මෙන් වැසි­කිළි වසා දමා ඇති අයුරු

ජල නළ හිර­වී­මෙන්
වැසි­කිළි වසා දමා ඇති අයුරු

අතර, මේ නිසා එහි මරණ පරී­ක්ෂණ සිදු කිරී­මට එන අධි­ක­රණ වෛද්‍ය නිල­ධාරි, හදිසි මරණ පරී­ක්ෂක ඇතුළු එම කාර්යා­ල­යන්හි සේවය කරන කාර්ය මණ්ඩ­ලය මෙන්ම, මෘත ශරී­රා­ගා­රයේ සේවක පිරිස් ද වැසි­කිළි කැසි­කිළි පහ­සු­කම් නොමැ­තිව දැඩි අප­හ­සු­තා­ව­යට පත්ව සිටිති. එමෙන්ම පරී­ක්ෂණ කට­යුතු සඳහා පැමි­ණෙන පොලිස් නිල­ධා­රීන්, මල් ශාලා රථ රියැ­දු­රන්, මිය ගිය අයගේ මෘත දේහ­යන් භාර ගැනී­මට එන පිට­ස්ත­ර­යින් පීඩා­වට පත්ව සිටිති. මෙලෙස නැඟෙන චෝදනා සම්බ­න්ධව කුරු­ණෑ­ගල ශික්ෂණ රෝහලේ රෝහල් සේවා අධ්‍ය­ක්ෂිකා මිහිරි ප්‍රියං­ගනී මහ­ත්මි­ය­ගෙන් කළ විම­සී­ම­කදී ඒ මහ­ත්මිය මෙසේ කීවේය.

“රූස්ස ගසක මූල පද්ධ­තිය නිසා වැසි­කිළි පද්ධ­තින් හිර වෙලා. ඒ වගේම ගසේ දිරපු අතු පවා උඩ රැඳිලා තියෙ­නවා. ඒ නිසා ගස කපා ඉවත් කර­න්නට දැව සංස්ථා­වට භාර දී තිබෙ­නවා. ගස ඉවත් කළාට පසුව ටෙන්ඩර් කැඳ­වලා වැසි­කිළි පද්ධ­තිය අලු­තින් හද­න්නට ද පිය­වර ගන්නවා.”

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT