127
මල් දුටු විට නෙතට දැනෙන සෞම්‍ය හැඟීම වගේම මල් සුවඳ සිතට ගෙනෙන නැවුම් මිහිරි බව මේ දිනවල කොළඹ අවට ගමන් ගන්නා කාහටත් නොඅඩුව විඳ ගන්නට අවකාශ ලැබී ඇත.
රොබරෝසියා මලින් අද මුළු කොළඹම හැඩ වී ඇත්තේ පාට පාට ලෝකයක සිරි අසිරි කියාපාමිනි. ඡායාරූපයේ දැක්වෙන්නේ කොළඹ විශ්වවිද්‍යාලය, ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය හා කොළඹ-මරදාන මාර්ගය මලින් හැඩ වී ඇති අයුරුයි. ඡායාරූප – හිරන්ත ගුණතිලක සහ සමාජ මාධ්‍ය ඇසුරිනි.