කොටිකාවත්ත – මුල්ලේරියාව ප්‍රාදේශීය සභාවේ හිටපු උප සභාපති මාධ්‍යවේදී ප්‍රින්ස් ගුණසේකර මහතා ‘පොහොට්ටුව’ පක්ෂයෙන් ඉවත්වී මෙවර පළාත් පාලන මැතිවරණයට ‘ටීවී’ ලකුණ යටතේ ස්වාධීන කණ්ඩායමකින් නාමයෝජනා භාර දී ඇත. 1994 සිට වසර 31ක කාලයක් කොටිකාවත්ත – මුල්ලේරියාව ප්‍රාදේශීය සභාවේ අපරාජිත මන්ත්‍රීවරයකු ලෙස සිටින ඒ මහතා පසුගිය අරගලය සමයේ සිදුවූ පහරදීම හෙළා දකිමින් පක්ෂ දේශපාලනයෙන් ඉවත් විය.
“තරුණයන්ට පහරදීමත් සමඟ මා පොහොට්ටුවෙන් ඉවත් වුණා. පසුගිය පාලන කාලයේදී මට සභාපති තනතුර හිමිවිය යුතු වුවත් වසර දෙකින් දෙකට එය ලබාදෙන බව පවසා මුළා කළා.
සුදුස්සන්ට නොසලකන පක්ෂයක තවදුරටත් නොසිටින ලෙස බලප්‍රදේශයේ ජීවත්වන ගුරුවරුන්, වෛද්‍යවරුන්, ඉංජිනේරුවන් ඇතුළු විවිධ වෘත්තිකයන් මගෙන් ඉල්ලීම් මා කළා. ඒ නිසා මේ නායකත්වයෙන් ඉතාම දක්ෂ කණ්ඩායමක් ‘ටීවී’ ලකුණින් ඉදිරිපත් වෙනවා. බලප්‍රදේශයේ සෑම තැනකින්ම ලැබෙන ඡන්ද කණ්ඩායමට ලැබෙනවා. ස්වාධීන කණ්ඩායමක් නිසා සියලු දෙනාට ඡන්දයක් දෙන්න පුළුවන් ප්‍රින්ස් ගුණසේකර මහතා පැවැසීය.
සුභාෂිණී සේනානායක
මුල්ලේරියාව – සිරිසේන ගමගේ
කොලොන්නාව ඒ. සුමනසේන