Saturday, May 10, 2025
Home » කාන්තා දින විශේෂ සැමරුම් උත්සවයක් ගම්පහ දී

කාන්තා දින විශේෂ සැමරුම් උත්සවයක් ගම්පහ දී

by sachintha
March 24, 2025 4:38 pm 0 comment

ජාත්‍යන්තර කාන්තා දිනයට සමගාමීව ගම්පහ මහජන බැංකු ශාඛාව, ප්‍රාදේශීය ලේකම් කාර්යාලය හා ගම්පහ ප්‍රාදේශීය කාන්තා බල මණ්ඩලය එක්ව සංවිධානය කළ කාන්තා දින විශේෂ සැමරුම් උත්සවයක්, පසුගියදා ගම්පහ ප්‍රාදේශීය ලේකම් නදීශානි අමරසිංහ මහත්මිය සහ ගම්පහ මහජන බැංකු කළමනාකාර ලසන්ත රණතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් ගම්පහ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී පැවැත්විණි. මෙම විශේෂ සැමරුම් උත්සවයට ගම්පහ ප්‍රාදේශීය කාන්තා බල මණ්ඩල රැසක සාමාජිකාවෝ 200කට අධික පිරිසක් සහභාගී වූ අතර කාන්තාවන්ගේ නර්තන ගැයුම් මධ්‍යයේ උත්සවය විචිත්‍රවත් විය. මෙහිදී ගායනයෙන් හා රංගනයෙන් විශිෂ්ට දක්ෂතා දැක්වූ කාන්තාවන් සියලු දෙනාටම මහජන බැංකුවෙන් විශේෂ ඇගයීම් තිළිණ පිරිනැමීම, ගම්පහ මහජන බැංකු ශාඛා කළමනාකාර ලසන්ත රණතුංග මහතා අතින් සිදු කෙරිණි. මෙම අවස්ථාවට කාන්තා කටයුතු පිළිබඳ නිලධාරිනී අසංකා ප්‍රියංගනී මහත්මිය ඇතුළු මහජන බැංකුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් හා ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක් සහභාගී වූහ.

ගම්පහ දිස්ත්‍රික් විශේෂ – සිසිල ගුණතිලක

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT