110
සජීව කුමාර පදනමේ අනුග්‍රහයෙන් සිංහල අලුත් අවුරුද්ද සහ රාමසාන් උත්සවය නිමිත්තෙන් ප්‍රදේශයේ අඩු ආදායම්ලාභී පවුල් දහසකට වියළි ආහාර බෙදා දීම පසුගිය 9 වැනිදා වත්තල, මාබෝල ප්‍රදේශයේ දී සිදු කෙරිණි. වත්තල, මාබෝල නගර සභාවේ සමගි ජන බලවේගයේ හිටපු නාගරික මන්ත්‍රී සජීව කුමාර මහතාගේ සංකල්පයක් මත මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරිණි. එම අවස්ථාවට හිටපු අමාත්‍ය නිහාල් පේමරත්න මහතාගේ පුත් යොහාන් ප්‍රේමරත්න මහතා ද එක්ව සිටියේය.
රාගම සමූහ – කේ.එස්. හැන්නදි