Sunday, May 11, 2025
Home » ලක්ෂ විසිපහක සොරාගත් බඩුත් එක්ක කුඩ්ඩෙක් මාට්ටු

ලක්ෂ විසිපහක සොරාගත් බඩුත් එක්ක කුඩ්ඩෙක් මාට්ටු

by sachintha
March 28, 2025 4:04 pm 0 comment

වෛද්‍යවරයකුගේ හා ඉංජිනේරුවරයෙකුගේ නි‍ෙවසකට ඇතුළු නිවාස පහකට ඇතුළු වී එහි තිබූ රුපියල් ලක්ෂ විසිපහකට අධික වටිනාකමින් යුත් දේපොළ සොරා ගත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බව මත්තේගොඩ පොලීසිය පවසයි.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ මත්තේගොඩ නිවාස සංකීර්ණයේ පදිංචි 41 හැවිරිදි පුද්ගලයකු බව පොලීසිය පැවැසීය.

මෙම පුද්ගලයා මත්තේගොඩ නිවාස සංකීර්ණය අවට වෛද්‍යවරයෙකු, ඉංජිනේරුවරයෙකු හා ව්‍යාපාරිකයෙකු ඇතුළු පුද්ගලයින් පස් දෙනෙකුගේ නිවාස පහකට ඇතුළු වී එහි තිබූ ගෑස් සිලින්ඩර් 03ක්, රූපවාහිනී යන්ත්‍ර 02ක් ,හෝම් තියටර් කට්ටලයක්, අඩි හතරක් උස බෆල් 04ක්, විදුලි පංකා 02ක්, ගෑස් ලිපක්, ටූල් කිට් එකක්, විදෙස් රටකින් ගෙනා ඇඳුම් බෑගයක්, පිත්තල පොල්තෙල් පහන් 02ක්, ගිනි නිවන උපකරණයක්, රයිස් කුකරයක්, ඩී.වී.ඩී යන්ත්‍රයක් සහ විදුලි කේතලයක් ඇතුළු භාණ්ඩ තොගයක් සොරාගෙන ගොස් තිබුණි.

පසුව මේ සම්බන්ධයෙන් ලද පැමිණිල්ලකට අනුව විමර්ශන සිදු කරමින් සිටියදී ගෘහ භාණ්ඩ තොගය ඉතා අඩු මිලට අලෙවි කර ඇති බවට ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ඉන්දික කුමාර මහතාට ලද තොරතුරකට අනුව සැකකරු අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමේදී එම භාණ්ඩ මත්තේගොඩ සහ මහරගම ප්‍රදේශවලට අලෙවිකර තිබියදී සොයා ගත් බව පවසයි.

මෙම භාණ්ඩ තොගයේ වටිනාකම රුපියල් ලක්ෂ 25කට අධික බවත් සැකකරු අධික ලෙස අයිස් මත්ද්‍රව්‍ය පානයට ඇබ්බැහි වී ඇති අතර ඒ සඳහා මුදල් වැය කර ඇති බව පොලීසිය පවසයි.

සැකකරු මීට පෙර කහතුඩුව පොලිස් වසමේ නි‍ෙවසක් බිඳ දේපොළ කොල්ලකෑමේ සිද්ධියකට බන්ධනාගාරගතව සිට නිදහස්ව ආ අයෙකු බව ද පොලීසිය පවසයි.

අත්අඩංගුවට ගත් සැකකරු කැස්බෑව අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

කොට්ටාව – ප්‍රදීප් කුමාර

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT