Home » ගම්පහ පොලිස් කොට්ඨාසයේ ගර්භිණී කාන්තාවන්ට බිලිඳු ද්‍රව්‍ය ප්‍රදානයක්

ගම්පහ පොලිස් කොට්ඨාසයේ ගර්භිණී කාන්තාවන්ට බිලිඳු ද්‍රව්‍ය ප්‍රදානයක්

by sachintha
March 28, 2025 4:30 pm 0 comment

 

ගම්පහ පොලිස් කොට්ඨාසයෙහි ගර්භිණී කාන්තාවන් පිරිසක් වෙනුවෙන් බිලිඳුන්ට අවශ්‍ය ද්‍රව්‍ය ප්‍රදානය කිරීමක් සහ දැනුම්වත් කිරීමේ සත්කාරක වැඩසටහනක්, බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සංජීව ධර්මරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් කලගෙඩිහේන ප්‍රදේශයේ උත්සව ශාලාවකදී පැවැත්විණි.

පොලීසිය තව තවත් ජනතාව වෙත සමීප වෙමින් ජනතාවගේ ආරක්ෂාව සැපයීමට අමතරව ඔවුන්ගේ ජන ජීවිතය නගා සිටුවීම වෙනුවෙන් පෞද්ගලික අංශයේද සහාය ඇතිව පැවති මෙම වැඩසටහන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ මගපෙන්වීම මත කොට්ඨාස ළමා හා කාන්තා කාර්යාංශය මඟින් සංවිධානය කොට තිබිණි.

මෙහිදී මවුවරුන් දැනුම්වත් කරමින් වෛද්‍ය ලක්මාලී රණවීර ආරච්චි සහ කොට්ඨාස ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපතිනි ප්‍රධාන පොලිස් පරීක්ෂිකා විනීශියා ප්‍රේමරත්න යන මහත්මීන් විසින් දැනුම්වත් කිරීමක් ද සිදු කළ අතර ගර්භිණී මාතාවන් සඳහා දරුවාට සහ මවට අවශ්‍ය සනීපාරක්ෂක උපකරණ ලබාදීමද සිදු කෙරිණි.

ගම්පහ අතිරේක

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT