Home » කටුගස්තොට ලී වෙළෙඳසලක ගින්නකින් කෝටි ගණනක දේපොළ විනාශයි

කටුගස්තොට ලී වෙළෙඳසලක ගින්නකින් කෝටි ගණනක දේපොළ විනාශයි

by mahesh
April 2, 2025 4:00 pm 0 comment

කටුගස්තොට සමූහ - එස්.ජී. විජේරත්න

කටුගස්තොට – කුරුණෑගල මාර්ගයේ පිහිටි ලී වෙළෙඳසලක හටගත් ගින්නක් හේතුවෙන් එම වෙළෙඳසලට දැඩි අලාභ හානි සිදුව තිබේ. ඊයේ (01) අලුයම් කාලයේ මෙම ගින්න හටගෙන ඇති අතර ගින්නට හසුවීමෙන් එහි තිබුණු ලී යතුගාන මැෂින්, කැටයම් කපන මැෂින් ඇතුළු උපකරණ රැසක්, වැඩ නිම කළ ගෘහ භාණ්ඩ සහ ගබඩා කර තිබුණු දැව තොගයක් ඇතුළු කෝටි ගණනක් වටිනා දේපොළ මෙලෙස විනාශ වී ඇත.

මහනුවර නාගරික ගිනි නිවීමේ ඒකකයේ ගිනි නිවන රථ තුනක් යොදාගෙන මෙම ගින්න නිවාදමා ඇති අතර, ඒ සඳහා ප්‍රදේශවාසීන් හා කටුගස්තොට පොලීසියේ නිලධාරින් ද සහය වී ඇත. ගින්නෙන් සිදුවූ අලාභ හානිය මෙතෙක් තක්සේරු කර නොමැති අතර ගින්න හට ගැනීමට හේතුව ද මෙතෙක් අනාවරණය වී නැත.

කටුගස්තොට පොලීසිය විසින් මේ සම්බන්ධව වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරනු ලබයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT