176
රක්ෂිත බන්ධනාගාරගත කළ පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට එරෙහි නඩුව අද (03) යළි කැඳවීමට නියමිතව තිබෙයි.
ඒ අනුව ඔහුව අද දුම්බර බන්ධනාගාරයේ සිට මාතර අධිකරණය වෙත විශේෂ ආරක්ෂාවක් යටතේ රැගෙන යාමට නියමිත බව ද වාර්තා වෙයි.
වැඩ තහනමට ලක්වී සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් පසුගිය 20වනදා අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු අද දිනය දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට තීරණය කෙරිණි.