මුද්‍රිත සහ විද්‍යුත් මාධ්‍ය ඔස්සේ වසර ගණනාවක් පුරා ජනතාවට ජ්‍යෙතිෂය, වාස්තු විද්‍යාව, ගුප්ත ශාස්ත්‍රය සම්බන්ධයෙන් දැනුම ලබා දුන් ප්‍රවීණ ජෝතීර්වේදිනී චින්තා වික්‍රමසිංහ මහත්මිය (64) අභාවප්‍රාප්ත වූවාය.
ඇය කතරගම මාගම්පුර ශ්‍රී මයුර දේවාලය සහ බොරලැස්ගමුව ශ්‍රී මයුර ජ්‍යොතිෂ කාර්යාලයත්, ලක්ෂ්මී අසපුවත් ඉදිකරමින් සමාජ සේවාවන් රැසක් සිදු කර තිබේ. ගෘහ නිර්මාණ හා වාස්තු විද්‍යා ශිල්පි මලින්ද සංගීත් බෝගහවත්ත වික්‍රමසිංහ සහ ජ්‍යොතිෂයාචාර්ය සංගීතා වික්‍රමසිංහ මහත්මියගේ මව වන ඇය, ධනපාල බෝගහවත්ත මහතාගේ බිරිය වූවාය. දේහය අවසන් ගෞරවය සඳහා බොරලැස්ගමුව ඇයගේ නිවෙසේ තැන්පත් කර තිබේ. අවසන් කටයුතු හෙට (04) සවස 5ට බොරලැස්ගමුව පොදු සුසාන භූමියේදී සිදු කෙරේ.