Home » ආදරවන්තයෝ අද සිට ගාලු පිටියේදී ඉතිහාසගත සටනකට

ආදරවන්තයෝ අද සිට ගාලු පිටියේදී ඉතිහාසගත සටනකට

by sachintha
April 3, 2025 11:05 am 0 comment

ගාල්ල රිච්මන්ඩ් සහ මහින්ද විදුහල් අතර 120 වැනි ආදරවන්තයන්ගේ සටන ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද (3) ආරම්භ වෙයි.

මෙතෙක් දෙදින තරගයක් ලෙස පැවති මේ තරගයත් මේ වසරේ සිට ඉතිහාසයට එක්වන්නේ තුන්දින තරගයක් ලෙසිනි.

මෙවර ආදරවන්තයන්ගේ සටනේ මහින්දීය නායකයා ලෙස කවීන් රුක්ෂාන් කටයුතු කරන අතර, රිච්මන්ඩ් නායකයා ලෙස තමිදු ප්‍රදීප්ත කටයුතු කරයි.

රිච්මන්ඩ්- මහින්ද වාර්ෂික මහා ක්‍රිකට් තරග ඉතිහාසය 1905 වසරේ සිට ඇරඹෙන අතර, මෙතෙක් පැවති තරග අතරින් රිච්මන්ඩ් විදුහල ජයග්‍රහණ 24ක් ද, මහින්ද විදුහල ජයග්‍රහණ 23ක් ද වාර්තා කර තිබේ. මහින්ද විදුහල් අවසන් ජය 2008 වසරේදීත්, රිච්මන්ඩ් අවසන් ජය 2019 වසරේදීත් වාර්තා වෙයි.

මෙවර පාසල් තරගාවලියේදී රිච්මන්ඩ් පිලේ ආරම්භක පිතිකරු නිකිල් ජයවීර ලකුණු 750ක් ලබාගෙන ගෙන ඇති අතර නායක තමිදු ප්‍රදීප්ත සමඟින් ලකුණු 550ක් රැස් කරමින් කණ්ඩායමේ කැපී පෙනෙන පිතිකරුවන් බවට පත්ව තිබේ. පන්දු යැවීමේදී පුබුදු මහිරංග කඩුලු 40ක්, නෙතුජ භාෂිත කඩුලු 34 සහ මලිත් ද සිල්වා කඩුලු 30 දවා ගනිමින් පන්දු යැවීමේ අංශයේ ප්‍රබල ක්‍රීඩකයෝ වී සිටිති.

සෙනුක දංගමුව මහින්ද පිලේ කැපී පෙනෙන ක්‍රීඩකයකු වන අතර, මෙවර පාසල් තරගාවලියේ ලකුණු 500 ඉක්මවා ඇති ඔහු කඩුලු 45ක් බිඳ දැමීමට ද සමත්ව තිබේ. කණ්ඩායමේ ආරම්භක පිතිකරු මෙන්ම ශ්‍රී ලංකා 17 පහළ කණ්ඩායමේ ආරම්භක පිතිකරු දුල්සිත් දර්ශන පාසල් තරගාවලියේදී ලකුණු 650ක් රැස් කර ඇති අතර, අරෝෂ උදයංග සහ සදෙව් නෙත්මිණ කඩුලු 40 සීමාව පසු කර තිබේ.

ඉමදුව සමුහ ලංකින්ද නානායක්කාර

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT