186
කන්තලේ යුද හමුදා බුද්ධි අංශයට ලද තොරතුරකට අනුව සූරියපුර විශේෂ කාර්ය බළකාය හා එක්ව ටී 56 වර්ගයේ ගිනි අවියක් සොයා ගත් බව තඹලගමුව පොලීසිය පවසයි.
පෙරේදා (05) රාත්රී මෙම ගිනිඅවිය සොයාගෙන ඇත්තේ තඹලගමුව 95 පෙදෙස ඊච්චලම්කුලම් වැව් ඉස්මත්තේ කන්තලේ රක්ෂිතය තුළදීය.
තඹලගමුව පොලීසියේ පොලිස් ස්ථානාධිපති ප්රධාන පොලිස් පරීක්ෂක ඒ.එච්.ඩබ්. රංජන බණ්ඩාර මහතාගේ ප්රධානත්වයෙන් වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.