Saturday, May 3, 2025
Home » CIDය මෛත්‍රී­ගෙන් පැය 6ක් ප්‍රශ්න කරයි
ජන­පති අර­මු­දලේ මුදල් අව­භා­වි­තය

CIDය මෛත්‍රී­ගෙන් පැය 6ක් ප්‍රශ්න කරයි

by Gayan Abeykoon
April 8, 2025 4:10 pm 0 comment

ගයාන් කුමාර වීර­සිංහ

ජන­පති අර­මු­දලේ මුදල් අව­භා­විත වීම සම්බ­න්ධ­යෙන් සිදු කෙරෙන විම­ර්ශ­න­යට අදා­ළව හිටපු ජන­පති මෛත්‍රී­පාල සිරි­සේන මහ­තා­ගෙන් අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුව පැය 06ක කාල­යක් ඊයේ (07) ප්‍රශ්න කර ප්‍රකාශ සට­හන් කර­ගෙන තිබේ.

මෙම විම­ර්ශ­නය සිදු වන්නේ 2008 වසරේ සිට 2024 දක්වා වූ වසර 16ක කාල­යක් තුළ ජන­පති අර­මු­දලේ මුදල් අව­භා­විත වීම් සම්බ­න්ධ­යෙනි.

මේ කාලය තුළ ආණ්ඩු බලයේ සිටි මැති ඇමැ­ති­වරු විසි­දෙ­දෙ­නකු ජන­පති අර­මු­දලේ මුදල් නිසි ක්‍රම­වේ­ද­යෙන් පිට ලබා­ගෙන ඇති බව හෙළි කර ගැනී­මට අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුව සමත්ව ඇත.   එකී දේශ­පා­ල­න­ඥ­යන්ට විශේ­ෂ­ත්ව­යක් ලබා­දෙ­මින් නිසි ක්‍රම­වේ­ද­යට පිටින් සහ නිය­මිත ප්‍රමා­ණ­යට වඩා ජන­පති අර­මු­දලේ මුදල් ලබා­දීම් සම්බ­න්ධ­යෙන් මෙම වසර 16ක කාලය තුළ ජනා­ධි­පති ධුර දැරූ ජනා­ධි­ප­ති­ව­රු­න්ගෙන් අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුව විසින් ප්‍රකාශ ලබා­ ගැ­නී­මට සූදා­න­මින් සිටියි. මෛත්‍රී­පාල සිරි­සේන මහ­තා­ගෙන් ප්‍රශ්න­කර ප්‍රකා­ශ­යක් සට­හන් කර­ගෙන ඇත්තේ ඒ අනු­වය.

විම­ර්ශ­න­වල අව­ශ්‍යතා අනුව ඉදි­රි­යේදී හිටපු ජනා­ධි­ප­ති­ව­රුන්­ගෙන් ප්‍රකාශ ලබා­ගැ­නී­මට කට­යුතු කරන බව අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුවේ උසස් පොලිස් නිල­ධා­රි­යකු පැවැ­සීය.

හිටපු ජන­පති මෛත්‍රී­පාල සිරි­සේන මහ­තා­ගෙන්  කළ ප්‍රශ්න කිරී­මේදී අනා­ව­ර­ණය වූ තොර­තුරු මත ජනා­ධි­පති අර­මු­දලේ මුදල් නිසි ක්‍රම­වේ­ද­යෙන් පිට ලබා­ගෙන අව­භා­විත කර ඇති හිටපු මැති ඇමැ­ති­වරු කිහිප දෙනකු කැඳවා ප්‍රශ්න කිරී­මට ද අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුව සූදා­න­මින් සිටියි.

පැවැති ආණ්ඩු­වල මැති ඇමැ­ති­වරු සහ දේශ­පා­ල­න­යට සම්බන්ධ පුද්ග­ල­යන් නිය­මිත ක්‍රම­වේ­ද­යෙන් පිට ජන­පති අර­මු­දලේ රුපි­යල් කෝටි 10කට අධික මුද­ලක් විවිධ ප්‍රමා­ණ­ය­න්ව­ලින් ලබා­ගෙන ඇති බව විම­ර්ශ­න­ව­ලින් පෙනී ගොස් තිබේ.

ඊට අදාළ ගොනු මේ වන විට විම­ර්ශ­න­යට ලක්වෙ­මින් ඇති අතර  එම මුදල් බැරවූ බැංකු ගිණුම් 24ක් සහ අන්ත­ර්ජා­ලය ඔස්සේ මුදල්  හුව­මා­රු­වීම් 06ක් සම්බ­න්ධ­යෙන් මේ වන විට අධි­ක­රණ නියෝ­ග­ය­කින්  විම­ර්ශන පැවැත්වේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT