ජලජ ජීවී සංවර්ධන අධිකාරියේ සේවකයෙක් ගිනිඅවි දෙකක් සහ පතරොම් කිහිපයක් සමඟ ඇල්පිටිය කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් විසින් පෙරේදා (06) අත්අඩංගුවට ගෙන ඇත.
විදේශීය රටක නිෂ්පාදිත බෝර 12 වර්ගයේ ගිනිඅවියක්, දේශීයව නිෂ්පාදිත ටී 56 අවිවලට යොදන පතරොම් දමන ගිනිඅවියක්, බෝර 12 වර්ගයේ පතරොම් 3ක්, වර්ගය අනාවරණය නොවන තැඹිලි පැහැති පතරොමක් සහ ටී 56 අවිවලට යොදන පතරොම් 6ක් සැකකරු සතුව තිබී සොයා ගෙන තිබේ. සැකකරු පදිංචිව සිටින කරන්දෙණියට එගොඩවෙල ප්‍රදේශයේ පිහිටි නිවෙස පරීක්ෂා කර මෙම ගිනිඅවි සහ පතරොම් සොයාගත් බව පොලීසිය සඳහන් කළේය. ‘අපිට තොරතුරක් ලැබුණා මෙම පුද්ගලයා සතුව ගිනිඅවි තියෙන බවට. ඒ අනුවයි ඔහුගේ නිවෙස පරීක්ෂා කළේ. එහි තිබී සොයාගත් ගිනිඅවි යොදාගෙන ඔහු අපරාධවල නිරතව සිටි බවට තොරතුරු මෙතෙක් අනාවරණය වෙලා නැහැ’ යැයි ඇල්පිටිය කොට්ඨාසයභාර පොලිස් ප්‍රධානී ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ලකී රන්දෙණිය මහතා සඳහන් කළේය.
සැකකරු සහ ගිනිඅවිය වැඩිදුර විමර්ශන කටයුතු සඳහා කරන්දෙණිය පොලිස් ස්ථානයට භාරදී ඇත.