Saturday, May 10, 2025
Home » ජලජ ජීවී සංව­ර්ධන අධි­කා­රියේ සේව­කයා ගිනි­අවි පත­රොම් සමඟ කොටු­වෙයි

ජලජ ජීවී සංව­ර්ධන අධි­කා­රියේ සේව­කයා ගිනි­අවි පත­රොම් සමඟ කොටු­වෙයි

by Gayan Abeykoon
April 8, 2025 4:00 pm 0 comment

ගයාන් කුමාර වීර­සිංහ

ජලජ ජීවී සංව­ර්ධන අධි­කා­රියේ සේව­ක­යෙක් ගිනි­අවි දෙකක් සහ පත­රොම් කිහි­ප­යක් සමඟ ඇල්පි­ටිය කොට්ඨාස අප­රාධ විම­ර්ශන කාර්යාං­ශයේ නිල­ධා­රීන් විසින් පෙරේදා (06) අත්අ­ඩං­ගු­වට ගෙන ඇත.

විදේ­ශීය රටක නිෂ්පා­දිත බෝර 12 වර්ගයේ ගිනි­අ­වි­යක්, දේශී­යව නිෂ්පා­දිත ටී 56 අවි­ව­ලට යොදන පත­රොම් දමන ගිනි­අ­වි­යක්, බෝර 12 වර්ගයේ පත­රොම් 3ක්, වර්ගය අනා­ව­ර­ණය නොවන තැඹිලි පැහැති පත­රො­මක් සහ ටී 56 අවි­ව­ලට යොදන පත­රොම් 6ක් සැක­කරු සතුව තිබී සොයා ගෙන තිබේ. සැක­කරු පදිං­චිව සිටින කර­න්දෙ­ණි­යට එගො­ඩ­වෙල ප්‍රදේ­ශයේ පිහිටි නිවෙස පරීක්ෂා කර මෙම ගිනි­අවි සහ පත­රොම් සොයා­ගත් බව පොලී­සිය සඳ­හන් කළේය. ‘අපිට තොර­තු­රක් ලැබුණා මෙම පුද්ග­ලයා සතුව ගිනි­අවි තියෙන බවට. ඒ අනු­වයි ඔහුගේ නිවෙස පරීක්ෂා කළේ. එහි තිබී සොයා­ගත් ගිනි­අවි යොදා­ගෙන ඔහු අප­රා­ධ­වල නිර­තව සිටි බවට තොර­තුරු මෙතෙක් අනා­ව­ර­ණය වෙලා නැහැ’ යැයි ඇල්පි­ටිය කොට්ඨා­ස­ය­භාර පොලිස් ප්‍රධානී ජ්‍යෙෂ්ඨ පොලිස් අධි­කාරි ලකී රන්දෙ­ණිය මහතා සඳ­හන් කළේය.

සැක­කරු සහ ගිනි­අ­විය වැඩි­දුර විම­ර්ශන කට­යුතු සඳහා කර­න්දෙ­ණිය පොලිස් ස්ථාන­යට භාරදී ඇත.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT