Saturday, May 10, 2025
Home » විත්ති­යට සිදු වූ අග­තියට පාමං­කඩ ක්‍රීඩා සමා­ග­ම­කට රු. 50,000 වන්දි­යක් ගෙවන්න නියෝග
සාක්ෂි-කරුණු නැතිව වාර­ණ­යක් ගැනී­මෙන්

විත්ති­යට සිදු වූ අග­තියට පාමං­කඩ ක්‍රීඩා සමා­ග­ම­කට රු. 50,000 වන්දි­යක් ගෙවන්න නියෝග

by Gayan Abeykoon
April 8, 2025 4:00 pm 0 comment

චන්දන ජය­වීර

ප්‍රමා­ණ­වත් සාක්ෂි හෝ කරුණු නොමැ­තිව නඩු පවරා වාරණ නියෝ­ග­යක් ලබා ගැනී­මෙන් විත්ති­ක­රු­වන්ට සිදු වූ අග­ති­යට රුපි­යල් 50,000ක වන්දි­යක් ගෙව­න්නැයි කොළඹ ප්‍රධාන දිසා විනි­සුරු සඳුන් විතාන මහතා පාමං­කඩ ක්‍රීඩා සමා­ග­ම­කට නියෝග කළේය.

තවද බැලූ බැල්මට ජය ගත­හැකි කරුණු නොමැ­තිව නඩු පවරා විත්ති­ක­රු­වන්ට එරෙ­හිව වාරණ නියෝ­ග­යක් ගැනී­මෙන් සිදු කළ අග­ති­යට වන්දි ගෙවන ලෙස ද පැමි­ණිල්ල මඟින් ඉල්ලා සිටින අතුරු තහ­නම් ඉල්ලීම ප්‍රති­ක්ෂේප කරන ලෙස අධි­ක­ර­ණය නියෝග කළේය.

පාමං­කඩ හයි ඔක්ටේන් ෆිට්නස් සෙන්ටර් පුද්ග­ලික සමා­ගම (High Octane fitness center) සි.එම්.යූ. වීර­ව­ර්ධන සහ පුද්ග­ලික බැංකු­වක් විත්ති­ක­රු­වන් කර­මින් පැවරූ නඩු­වක් සලකා බැලී­මෙන් පසුව දිසා විනි­සු­රු­ව­රයා මෙම නියෝ­ගය නිකුත් කර ඇත.

රුපි­යල් මිලි­යන 80ක මුද­ලක් විත්ති­කාර වීර­ව­ර්ධන මහ­තාට ලබා දී තිබි­යදී, අනී­ති­කව හා බිය­ගන්වා රුපි­යල් මිලි­යන 125ක චෙක්පත් ලබා­ගෙන මුදල් කරවා ගැනීම සඳහා කට­යුතු කරන බවත් එසේ ලබා­ගත් චෙක් පත්ව­ලින් මුදල් ලබා ගැනීම හා එම චෙක්ප­ත්ව­ලට මුදල් නිකුත් කිරීම වළ­ක්වන නියෝග විත්ති­ක­රු­වන්ට නිකුත් කරන ලෙස පැමි­ණි­ලි­කාර සමා­ගම ඉදි­රි­පත් කළ පෙත්සමේ සඳ­හන් වේ.

පැමි­ණිල්ලේ කරුණු සලකා බැලූ දිසා විනි­සු­රු­ව­රයා චෙක්පත් බැංකු­වට දී මුදල් ගැනීම හෝ එම චෙක්ප­ත්ව­ලට මුදල් නිකුත් කිරීම වළ­ක්ව­මින් විත්ති­ක­රුට හා බැංකු­වට වාරණ නියෝ­ග­යක් කර තිබේ.

පසුව විත්ති­කරු වෙනු­වෙන් කරුණු දක්ව­මින් සඳ­හන් කර ඇත්තේ පැමි­ණි­ලි­කාර සමා­ගමේ අධ්‍ය­ක්ෂ­ව­රුන් වන දරීන් වීර­සිංහ යන අය­ගෙන් මෙම චෙක්පත් වාහන ගනු­දෙ­නු­වක් සඳහා ලබා­ගෙන ඇති බවය.

දෙපා­ර්ශ්වයේ කරුණු සලකා බැලූ ප්‍රධාන දිසා විනි­සු­රු­ව­රයා විත්ති­කරු අනී­ති­කව හෝ බලෙන් චෙක්පත් ලබා­ගත් බවට පිළි­ගත හැකි සාක්ෂි­යක් පැමි­ණිල්ල මඟින් ඉදි­රි­පත් කර නොමැති බවත්, අඩුම තරමේ පොලී­සි­ය­කට හෝ පැමි­ණි­ල්ලක් ඉදි­රි­පත් කර නොමැති බවත් පෙන්වා දෙමින් අතුරු තහ­නම් නියෝග නිකුත් කිරීම ප්‍රති­ක්ෂේප කළේය.

විත්ති­කරු වාහන ව්‍යාපා­ර­යක් සඳහා මුදල් ගනු­දෙනු කළ බවට ඉදි­රි­පත් කළ කරුණු සලකා බැලී­මෙන් පසුව මෙම වන්දි ගෙවන ලෙසට නියෝග කර­මින් අතුරු තහ­නම් නියෝග ඉල්ලීම ප්‍රති­ක්ෂේප කළේය.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT