කොටහේනේ පිහිටි ලොජ් එකකට කඩාවැදී අනියම් අඹුසැමි යුවළකට පහරදී ඔවුන් දෙදෙනාව පැහැරගෙන ගොස් ජංගම දුරකතනයක් සහ මුදල් කොල්ලකෑමක් සම්බන්ධයෙන් සැකපිට කාන්තාවන් පස්දෙනෙක් වෙරළබඩ පොලීසියේ නිලධාරීන් පසුගියදා (5) අත්අඩංගුවට ගෙන ඇත.
මෙම කාන්තාවන් අතර අවුරුදු 15ක සිසුවියක්ද සිටින බව පොලීසිය සඳහන් කළේය. සෙසු සැකකාරියන් අතර අවුරුදු 33, 54, 52 සහ 25 යන වයස්වල පසුවන්නන් බවත් ඔවුන් කොටහේන ශාන්ත අන්තෝනි මාවතේ පදිංචිකරුවන් බවත් පොලීසිය සඳහන් කළේය.
අත්අඩංගුවට ගත් සැකකාරියක් ලොජ් එකේ රැඳී සිටි අනියම් සැමියාගේ පවුලේ ඥාතීන් බව විමර්ශනයේදී අනාවරණය වී තිබේ.
එම අනියම් සැමියා අනියම් බිරිය සමඟ ලොජ් එකේ රැඳී සිටියදී ඒ බව දැනගත් මෙම කාන්තාවන් පිරිස එහි ගොස් අනියම් යුවළට පහරදී පැහැරගෙන ගොස් ඇත්තේ ඇගේ නිවෙසටය. සැකකාර කාන්තාවන් ඇයව අත්හැර දමා ගිය පසු ඇය වෙරළබඩ පොලිස් ස්ථානයට පැමිණ පැමිණිලි කර ඇත්තේ තමාට අයත් රුපියල් 3,25000ක් වටිනා ජංගම දුරකතනයක් සහ මුදල් පසුම්බිය සොරාගෙන ඇති බවය. ඒ අනුව විමර්ශන පවත්වා සැකකාරියන් අත්අඩංගුවට ගෙන ජංගම දුරකතනයද පොලීසිය සොයා ගෙන ඇත.