Home » එංග­ල­න්තයේ රැකි­යා­ පෙන්නා මුදල් ගැරූ පුද්ගලයකුට ඇප

එංග­ල­න්තයේ රැකි­යා­ පෙන්නා මුදල් ගැරූ පුද්ගලයකුට ඇප

by Gayan Abeykoon
April 8, 2025 4:00 pm 0 comment

ගම්පහ අධි­ක­රණ

එංග­ල­න්තයේ රැකි­යා­වක් ලබාදෙන බව පවසා පුද්ග­ල­ය­කු­ගෙන් රුපි­යල් ලක්ෂ විසි දෙකක මුද­ලක් ලබා­ගෙන එම මුදල වංචා කිරීමේ චෝද­නාව මත සැක­පිට අත්අ­ඩං­ගු­වට ගෙන අධි­ක­ර­ණ­යට ඉදි­රි­ප­ත්කොට සිටි. අඹු සැමි යුව­ළක් රුපි­යල් ලක්ෂ 25 බැඟින් වූ ශරීර ඇප මත මුදා හරින ලෙස ගම්පහ ප්‍රධාන මහේ­ස්ත්‍රාත් සීලනී පෙරේරා මහ­ත්මිය නියෝග කළාය.

ගම්පහ විශේෂ අප­රාධ විම­ර්ශන අංශ­යට ගනේ­මුල්ල ප්‍රදේ­ශයේ පුද්ග­ල­යකු විසින් කරන ලද පැමි­ණි­ල්ල­කට අනුව අත්අ­ඩං­ගු­වට ගෙන සිටි මහ­නු­වර ගලහ ප්‍රදේ­ශයේ යුව­ළක් මෙලෙස ඇප මත මුදා හැරිණ.

මෙහිදී සැක­කාර යුවළ වෙනු­වෙන් කරුණු දක්වා සිටි නීතිඥ චානක කපුරු බණ්ඩාර මහතා තම සේවා­දා­ය­ක­යින්ගේ එංග­ල­න්තයේ පදිංචි නීති­ඥ­යකු බව කියන හිත­වත් පුද්ග­ල­ය­කුගේ දැනුම් දීම­කට අනුව ඔවුන් විසින් මුල් අව­ස්ථා­වේදී බැංකු ගිණු­මක් ආර­ම්භ­කොට ඔවුන්ගේ පෞද්ග­ලික මුද­ලින් ලක්ෂ පනස් පහක මුද­ලක් එම ගිණු­මට බැර කර ඇති අතර ඒ සඳහා අත්සන් සහිත හිස් චෙක්පත් කිහි­ප­යක්ද එකී පුද්ග­ලයා විසින් ඔවු­න්ගෙන් ලබා­ගෙන ඇති බව පැව­සීය.

තවද විදේ­ශ­ග­ත­වී­මට බලා­පො­රොත්තු වූ පුද්ග­ලයා විසින් ලබා දුන් ලක්ෂ විසි දෙකක මුදල ද එම ගිණුමේ තැන්පත් කර ඇති බව පැවැසූ නීති­ඥ­ව­රයා එකී මුදල ද ඇතු­ළුව සම්පූර්ණ මුදල් එම පුද්ග­ලයා විසින් ලබා­ගෙන ඇති බවත් තම සේවා දාය­ක­යෙන් කිසිඳු මුද­ලක් ලබා­ගෙන නොමැති බවත් පැව­සීය. තම සේවා දාය­ක­යන් කිසිදු වංචා­වක් සිදු කර නොමැති බැවින් ඔවුන්ට සුදුසු කොන්දේ­සි­යක් මත ඇප ලබා දෙන ලෙසත් නීති­ඥ­ව­රයා අධි­ක­ර­ණ­යෙන් ඉල්ලා සිටි­යේය.

ඒ පිළි­බ­ඳව සලකා බැලූ මහේ­ස්ත්‍රා­ත්ව­රිය එම සැක­කාර යුවළ ඇප මත මුදා හැරි­යාය.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT