Saturday, May 10, 2025
Home » කුණු කෑම විකිණූ 136කට නඩු

කුණු කෑම විකිණූ 136කට නඩු

by Gayan Abeykoon
April 8, 2025 4:00 pm 0 comment

සන්ධ්යා කරු­ණා­රත්න

අලුත් අවු­රුදු උත්සව සමය තුළදී මිනිස් පරි­භෝ­ජ­න­යට නුසු­දුසු ආහාර අලෙවි කළ පුද්ග­ල­යන් 136කට විරු­ද්ධව පසු­ගිය සති දෙක තුළදී නඩු පැවරූ බව ශ්‍රී ලංකා මහ­ජන සෞඛ්‍ය පරී­ක්ෂ­ක­ව­රුන්ගේ සංග­මයේ ලේකම් චමිල් මුතු­කුඩ මහතා “දින­මිණ”ට ඊයේ (07) පැව­සීය.

රට පුරා වෙ‍ෙළ­ඳ­සල් 1,094ක් මුල් කර ගනි­මින් වැට­ලීම් 114ක් පසු­ගිය සති දෙක තුළදී සිදු කළ බවත් කල් ඉකුත් වූ ආහාර අලෙ­විය, සනී­පා­ර­ක්ෂා­වට අහි­ත­කර අයු­රින් ආහාර නිෂ්පා­ද­නය, මිනිස් පරි­භෝ­ජ­න­යට නුසු­දුසු ආහාර අලෙ­විය, සනී­පා­ර­ක්ෂා­වට නුසු­දුසු අයු­රින් ආහාර ගබඩා කිරීම සහ ප්‍රවා­හ­නය යනාදී කාරණා මුල් කර ගනි­මින් මෙම වැට­ලීම් සිදු කළ බවත් ඒ මහතා ප්‍රකාශ කළේය.

මහ­ජන සෞඛ්‍ය පරී­ක්ෂ­ක­ව­රුන් 2,000ක් යොදා ගනි­මින් මෙම වැට­ලීම් සිදු කරන බවත් මාර්තු මස 24 වැනිදා සිට පොසොන් උත්සව කාලය අව­සන් වන තෙක් මෙම වැට­ලීම් අඛ­ණ්ඩව සිදු කරන බවත් ඒ මහතා කීය.  ජන­තාව වැඩි­පුර ගැව­සෙන රට පුරා තිබෙන හෝටල්, ආප­ණ­ශාලා ඇතුළු ආහාර අලෙවි කරන ස්ථාන­යන්හි මෙම වැට­ලීම් සිදු කරන බව ද ඒ මහතා පැව­සු­වේය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT