Tuesday, May 6, 2025
Home » තුවක්කු දෙකක් සමඟ දඩ­ය­ම්ක­රුවෝ දෙදෙ­නෙක් දාගෑ­විල්ල රක්ෂි­ත­යේදී අත්අ­ඩං­ගු­වට

තුවක්කු දෙකක් සමඟ දඩ­ය­ම්ක­රුවෝ දෙදෙ­නෙක් දාගෑ­විල්ල රක්ෂි­ත­යේදී අත්අ­ඩං­ගු­වට

by Gayan Abeykoon
April 8, 2025 4:01 pm 0 comment

හස­ලක සමූහ - ඊ.එම්.එස්.ඒක­නා­යක

කලක සිට වන­ස­තුන් දඩ­යම් කිරීමේ ජාවා­ර­මක නියැළී සිටින බව කියන දඩ­ය­ම්ක­රු­වන් දෙදෙ­නකු මෙරට නිෂ්පා­දිත තුවක්කු දෙකක් සමඟ පෙරේදා (06) අලු­යම් කාලයේ උඩ­දු­ම්බර පොලිස් වසමේ දාගෑ­විල්ල රක්ෂි­ත­යේදී අත්අ­ඩං­ගු­වට ගැනී­මට දාගෑ­විල්ල වන­ජීවි බිට්ටු කාර්යා­ලයේ නිල­ධා­රින්ට හැකි වී තිබේ.

එළැ­ඹෙන සිංහල හා දමිළ අලුත් අවු­රුදු උලෙ­ළට සම­ගා­මීව රන්දෙ­ණි­ගල, රන්ටැඹේ අභය භූමි කලා­පයේ රක්ෂිත වනා­න්ත­ර­වල සිටින ගෝනා, මුවා, ගවයා, ඉත්තෑවා, මීමින්නා, වැලි මුවා සහ වලි කුකුළා ඇතුළු වෙනත් වන සතුන් මරා මස් කර එම මස් මහ­නු­වර හා ඒ අවට ප්‍රදේ­ශ­වල හෝට­ල්ව­ලට ඉතා ඉහළ මිල ගණ­න්ව­ලට අලෙවි කිරීමේ සූදා­න­මක් පව­තින බවට උඩ­දු­ම්බර, දාගෑ­විල්ල වන­ජීවි බීට්ටු කාර්යා­ලයේ නිල­ධා­රීන්ට තොර­තු­රක් ලැබී තිබේ.

එම තොර­තුරු මත වන­ජීවි දෙපා­ර්ත­මේ­න්තුවේ මධ්‍යම පළාත් භාර සහ­කාර අධ්‍ය­ක්ෂක ගාමිණී වික්‍ර­ම­ති­ලක සහ හස­ලක වන­ජීවී අඩවි ආර­ක්ෂක ඩබ්ලිව්.ඒ. මහින්ද විජේ­සිංහ යන මහ­ත්ව­රුන්ගේ උප­දෙස් මත දාගෑ­විල්ල බිට්ටුවේ අඩවි සහ­කාර සසික බණ්ඩාර මහතා සමඟ නියා­මක කණ්ඩා­ය­මක් ඉකුත් 05 වැනිදා සහ 06 වැනිදා රාත්‍රියේ වන­ජීවි කලා­ප­යට අයත් දාගෑ­විල් බීට්ටු රක්ෂි­තයේ හදිසි මෙහෙ­යු­මක් ක්‍රියා­ත්මක කරනු ලබීය.

දින දෙකක් පුරා රාත්‍රී කාලයේ කරනු ලැබු එම හදිසි මෙහෙ­යු­මේදී මෙරට නිෂ්පා­දිත ගිනි අවි දෙකක් රැගෙන සතුන් දඩ­යම් කිරී­මට යමින් සිටි පුද්ග­ල­යින් දෙදෙ­නෙකු දාගෑ­විල්ල වන­ජීවි රක්ෂිත කැල­යේදී පෙරේදා (06) අලු­යම 4.30ට පමණ අත්අ­ඩං­ගු­වට ගැනී­මට එම නිල­ධා­රීන් කණ්ඩා­ය­මට හැකිවී තිබේ.

මෙම සැක­ක­රු­වන් හස­ලක පොලිස් වසමේ මොර­යාය හා හඳ­ග­නාව යන ග්‍රාම­නි­ල­ධාරි වස­ම්වල පදිංචි වයස අවු­රුදු 35ත් 40ත් අතර වයසේ පසු­වෙන පුද්ග­ල­යින් බවට හඳු­නා­ගෙන තිබේ. සැක­ක­රු­වන් ගිනි අවි සමඟ පෙරේදා (06) තෙල්දෙ­ණිය මහේ­ස්ත්‍රාත් අධි­ක­ර­ණය හමු­වට ඉදි­රි­පත් කිරී­මෙන් අන­තු­රුව ශරීර ඇප මත මුදා­හැර තිබේ.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT