263
මෙවර සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ නැකැත් අනුව ආහාර පිසීමේ නැකැත අද (14) පූර්වභාග 04.04ට උදා විය.
තඹ වර්ණ වස්ත්‍රාභරණයෙන් සැරසී දකුණු දිශාව බලා ලිප් බැඳ, ගිනි මොළවා කිරිබතක් හා කැවිලි වර්ගයක්ද දීකිරි සහ විලඳ ද පිළියෙල කරගැනීම යහපත් බව නැකැත් සීට්ටුවේ සඳහන් වෙයි.
මෙවර වැඩ ඇල්ලීම ගනුදෙනු කිරීම හා ආහාර අනුභවය යෙදී ඇත්තේ අද පූර්වභාග 06.44 ටය.