පොහොසත් රටක් ලස්සන ජීවිතයක් ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ සඳහන් කර ඇති පරිදිම ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) අහෝසි කිරීම ඉදිරියේ දී සිදුවන බව අගමැතිනි, ආචාර්ය හරිනි අමරසූරිය මෙණෙවිය පැවසුවාය.
මන්නාරම දිස්ත්‍රික්කයේ මුසලි මැතිවරණ කොට්ඨාසයේ සිලාවතුර බස් නැවතුම්පොළ අසල රැස්වීමකට එක්වෙමින් අගමැතිනිය මේ බව සඳහන් කළාය.
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA ) ඉවත් කිරීම සම්බන්ධව මේ වන විටත් කැබිනට් මණ්ඩලය කමිටුවක් පත් කර ඇති අතර ඒ අනුව ඉදිරියේ දී පනත ඉවත් කිරීම සම්බන්ධව ක්‍රියාමාර්ග ගැනීම සිදුවනු ඇති බව අගමැතිනිය කීවාය.
ඉදිරියේ දී කිසිම අයුරකින් ආගම, ජාතිය යන කාරණා හේතු කර ගනිමින් ජනතාවට කිසිම අයුරකින් පීඩා සිදුවීමට ඉඩ නොදෙන බවත්, ආණ්ඩුවක් ලෙස කිසිවිටෙකත් අර්බුද දෙස ජාතිවාදී මනසකින් බැලීම සිදු නොවන බවත් අගමැතිනි, ආචාර්ය හරිනි අමරසූරිය මෙණෙවිය පැවසුවාය.
නුවන් කොඩිකාර