Home » වෙඩි වැදී ආබාධිත වූ අලියා මහඉලුක්පල්ලමට ඇවිත්

වෙඩි වැදී ආබාධිත වූ අලියා මහඉලුක්පල්ලමට ඇවිත්

by sachintha
April 17, 2025 1:10 am 0 comment

වෙඩි වැදී ආබාධිත වූ වන අලියකු මේ දිනවල අනුරාධපුර මහඉලුක්පල්ලම ප්‍රදේශයේ සැරිසරන බව ප්‍රදේශවාසීහු සඳහන් කරති. වනඅලි රංචුවක සිට පිටුපස දකුණු පාදයේ අබාධයක් ඇති මෙම වනඅලියා දින කිහිපයක සිට මෙලෙස සැරිසරන බව ද ජනතාව සඳහන් කරති. මේ පිළිබඳව ජනතාව අදාළ වනජීවී කාර්යාලයට ද දැනුම් දී තිබේ. මේ පිළිබඳව අනුරාධපුර, පණ්ඩුලගම වනජීවී කාර්යාලයෙන් විමසූ අතර, වෛද්‍යවරුන් කියා සිටියේ, මෙම අලියාගේ පාදයට වෙඩි වැදීමකින් අස්ථි බිඳීමක් සිදුව ඇති අතර, එයට වසර කිහිපයකට පෙර නාච්චදූව, තිරප්පනේ යන ප්‍රදේශවලදී ප්‍රතිකාර ලබා දී ඇති බවත්, පසුකාලීනව බිඳුණු අස්ථිය නැවත් ගල් හංදී වී නැවත සම්බන්ධ වී ඇති බවත්ය.

කෙසේ නමුත් මෙම වන අලියා පිළිබඳව ඉක්මනින් අවධානය යොමු කර සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව සොයා බැලීමට කටයුතු කරන බවද වනජීවී නිලධාරීහු සඳහන් කළහ.

අනුරාධපුර අතිරේක – අමිල ප්‍රභාත් වනසිංහ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT