“කුඹියෝ” ටෙලි නාට්‍යයෙන් ප්‍රේක්ෂක ආදරය දිනාගත් ලක්මාල් ධර්මරත්න තිර රචනය ලියා අධ්‍යක්ෂණය කළ ගීත හතහමාරක් සමඟ “වාලම්පුරිය” සිනමාපටයේ මාධ්‍ය දර්ශනය පසුගිය දින හැව්ලොක් මෝල් ඉස් කෝප් සිනමා ශාලාවේදී පැවැත්විණි. මේ සඳහා ප්‍රධාන භූමිකාවේ නියැළුණු රංගන ශිල්පීන් සහ කලාකරුවන්, මාධ්‍යවේදීහු රැසක් ඊට සහභාගි වූහ. මෙයට සමගාමීව මෙය එළඹෙන 25 වැනිදා සිට LFD මණ්ඩලයේ සිනමා ශාලා ඇතුළු දිවයින පුරා සිනමා ශාලාවල තිරගත වීම් අරඹයි.
ප්‍රියන්ත සිරිකුමාර, සරත් කොතලාවල, දිල්හානි අශෝකමාලා, තුමිඳු දොඩන්තැන්න, අශාන් ඩයස්, අංජන ප්‍රේමරත්න, දර්ශන් ධර්මරාජ්, වසන්ත මොරගොඩ, කින් රත්නම්, උදයන්ති කුලතුංග, ජනිතා පෙරේරා, දයා තෙන්නකෝන් ඇතුළු නළු නිළියෝ රැසක් මෙහි රංගනයෙන් දායක වෙති. අසංක දොඩන්තැන්න හා ප්‍රදීප් පෙරේරාගේ විධායක නිෂ්පාදනයක් වන “වාලම්පුරිය” ග්‍රීන් ලයිට් ෆිල්ම්ස් නිෂ්පාදනයකි.