Home » බොරුවෙන් හැමදාම රට ගෙනියන්න බැහැ

බොරුවෙන් හැමදාම රට ගෙනියන්න බැහැ

-විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස

by sachintha
April 18, 2025 1:44 am 0 comment

පොහොසත් රටක් ලස්සන ජීවිතයක් කෙසේ වෙතත් බොරු පොරොන්දුවලින් පිරුණු රටක් නම් බිහි කළා යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කළේය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ පොලොන්නරුව, මැදිරිගිරිය ප්‍රදේශයේ පෙරේදා (16) පැවති ජන හමුවකදීය. එහිදී ඒ මහතා මෙසේ ද කීවේය.

ජනතා විමුක්ති පෙරමුණ හා මාලිමා රජයක් තුළ සමස්ත ජනතාවට සෙත සැලසෙයි කියා ජනතාව සිතූ නිසා මැතිවරණ දෙකක් මාලිමාව ජයග්‍රහණය කළත් අවසානයේ ජයග්‍රහණය කළේ බොරුව, මිථ්‍යාව, රැවටීම හා ඇන්දවීම පමණයි.

මාලිමාවේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ ඇත්තේ පොහොසත් රටක් ලස්සන ජීවිතයක් වුවත් අද ඇත්තේ බොරු පොරොන්දුවලින් පිරුණ රටක්, පොරොන්දු ඉටු නොකරන යුගයක්. මොවුන් බොරුවෙන් රජකරවන්න පුළුවන් යැයි විශ්වාස කළත් බොරුවෙන් රජ කළාම පරාජය ළඟයි.

තරගෙට බොරු පොරොන්දු ඉදිරිපත් කරමින් බඩු මිල, තෙල් මිල, හාල්, පොල් මිල, විදුලි බිල අඩු කරනවා යැයි කිවුවත් අද අහස උසට බඩු මිල ඉහළ ගිහින්. වේල් තුනවත් පිරිමහගන්න බැරි ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් සිටිනවා. අසහනයෙන් පීඩනයෙන් මිරිකුණු ජනතාවක් සිටිනවා. දූෂණය වංචාව නැතිකර තෙල් මිල අඩු කරනවා කිවුවත් ඒකත් වුණේ නැහැ. විදුලි බිල 33%කින් අඩු කරනවා කිවුවත් ඒකත් වුණේ නෑ. ඒ නිසා මේ බඩු මිල අඩු කරන දිනය කවදාද කියා අපි අහන්න කැමැතියි. බොරු කියා ජනතාව රවටන එක නවත්වන්න ඕනෑ. අද බොරු කියලා ගොවියත් රටවලා. පොහොර සහනාධාරයත් නැහැ. පොහොර මිලත් වැඩි වන බවට ආරංචියි. පොහොරවල ගුණාත්මකභාවය ගැනත් ගැටලුවක් තිබෙනවා. බොරුවෙන් හැමදාම රට ගෙනියන්න බැහැ. බොරුවට ආයුෂ අඩු යැයි ද වැඩිදුරටත් කීවේය.

 

රක්ෂණ ශ්‍රියන්ත

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT