Home » ලොව ප්‍රථමවරට මානවරූපී රෝබෝවරුන්ගේ මැරතන් තරඟයක් පැවැත්වෙයි

ලොව ප්‍රථමවරට මානවරූපී රෝබෝවරුන්ගේ මැරතන් තරඟයක් පැවැත්වෙයි

by yasara
April 19, 2025 3:26 pm 0 comment

මානවරූපී රොබෝවරුන් එක්වූ ලොව පළමු අර්ධ මැරතන් ධාවන තරගය චීනයේ බීජිං නුවරදී අද (19) පවත්වා තිබෙයි.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ මිනිස් ධාවකයන් සමඟ මෙම තරගයට රොබෝවරු 21ක් තරගවැද ඇති බවයි.

මෙහිදී සැතපුම් 13 ක දුරක් මැරතන් ධාවනය පවත්වා ඇති බවත් වාර්තා වෙයි.

මෙම අර්ධ මැරතන් ධාවන තරගය මානවරූපී රොබෝවරුන්ගේ විශ්වසනීයත්වය, කල්පැවැත්ම සහ ආරක්ෂාව වැනි පුළුල් හැකියා සඳහා සිදු කළ පරීක්ෂණයක් ලෙස විදෙස් වාර්තා පෙන්වා දී ඇත.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT