Home » පාස්කු ප්‍රහාරයට අදට වසර 06 යි – ප්‍රධාන සැමරුම කොච්චිකඩේ දී

පාස්කු ප්‍රහාරයට අදට වසර 06 යි – ප්‍රධාන සැමරුම කොච්චිකඩේ දී

by yasara
April 21, 2025 9:22 am 0 comment

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සිදුවී අදට (21) වසර 6ක් සපිරෙයි.

එම කුරිරු ත්‍රස්ත ප්‍රහාරයෙන් මියගිය පිරිස් සිහිකිරීමේ වැඩසටහන් මාලාවක් අද (21) පැවැත්වෙන බව වාර්තා වෙයි.

එහි ප්‍රධාන සැමරුම් උත්සවය කොච්චිකඩේ සාන්ත අන්තෝනි දේවස්ථානයේදී අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන බව අගරදගුරු පදවියේ ජනසන්නිවේදන අධ්‍යක්ෂක, ජූඩ් ක්‍රිෂාන්ත ප්‍රනාන්දු පියතුමා සඳහන් කළේය.

ජූඩ් ක්‍රිෂාන්ත ප්‍රනාන්දු පියතුමා වැඩිදුරටත් සඳහන් කළේ අද උදෑසන 8.45ට සියලු ආගමික ස්ථානවල සීනු නාද කිරීම සහ මිනිත්තු 2ක නිශ්ශබ්දතාවය රැකීම සිදු කෙරෙන බවයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT