වර්තමානයේ බොහෝ පාසල් දරුවන් ජංගම දුරකතනය, පරිගණකය වැනි විදත් උපාංග භාවිත කිරීමට දැඩි ලෙස යොමු වී ඇත. විශේෂයෙන් කොවිඩ් 19 වසංගත තත්ත්වයේදී දීර්ඝ පාසල් නිවාඩුවක් ලැබීමත් මාර්ගගත ක්‍රමයට අධ්‍යාපනයට යොමු වීමත් එම කාලය තුළින් බාහිර ක්‍රියාකාරකම්, එනම් ක්‍රීඩා ඇතුළු අනෙකුත් බාහිර ක්‍රියාකාරකම්වලට යොමුවීමට නොහැකි වීමත් නිසා සිසුන් අතර විදත් තිර භාවිතය විශාල ලෙස ඉහළ යන්නට විය. එය මේ වනවිට පාසල් පද්ධතිය තුළ සිසුන් මුහුණදෙන ප්‍රධාන මානසික මෙන්ම කායික සෞඛ්‍ය ගැටලුවක් බවට පත්ව ඇත.
විදත් තිර භාවිතයේ අහිතකර ප්‍රතිඵල ලෙස ඇතිවිය හැකි ශාරීරික සංකූලතා මෙන්ම මානසික ගැටලු ද රාශියකි. ස්ථුලතාව, හෘදය, සෞඛ්‍ය ගැටලු ඇතිවීම, පෙනීම සහ ඇසීම සම්බන්ධ සංවේදන ගැටලු ඇතිවීම, අස්ථි පද්ධතිය ආශ්‍රිත ගැටලු, සෞඛ්‍යසම්පන්න නොවන ආහාර ගැනීමේ රටාවන්ට හුරුවීම සහ නින්දේ ගැටලු ඇතිවීම වැනි කායික ගැටලු ද පවුලේ සාමාජිකයන්, තමන්ගේ යහළුවන්ගෙන් සහ සමාජ සම්බන්ධතාවලින් ඈත් වී හුදෙකලා බවට පත්වීම, කාංසාව, විෂාදය, ඌන අවධානය සහ අධික්‍රියාකාරී අක්‍රමතාවය වැනි මානසික රෝගවලට ගොදුරුවීමේ ප්‍රවණතාව හෝ එම තත්ත්වයන්හි වැඩිවීමක් දක්නට ලැබීම, විදත් තිරවල ඇති ප්‍රචණ්ඩකාරී හැසිරීම් අනුකරණය නිසා දරුවන් අතර ප්‍රචණ්ඩකාරී හැසිරීම් වර්ධනය වීමේ ඉඩකඩ ද වැඩිවීම, සන්නිවේදන උපකරණ හරහා ඇතිවන අනාරක්ෂිත මිතුරු සබඳතා හෝ අන්තර්ජාල සබඳතා හරහා ළමයින් මානසික සහ ලිංගික අපයෝජනයන්ට ගොදුරුවීම, චිත්ත වේග කළමනාකරණය කරගැනීමේ අපහසුතා, ධනාත්මක සමාජ සම්බන්ධතා ඇති කර ගැනීමේ ගැටලු, භාෂා සංවර්ධන ගැටලු, බුද්ධි සංවර්ධනය සඳහා වන බාධාවන්, අධ්‍යාපන කටයුතු අඩාල වීම, ප්‍රචණ්ඩකාරී චර්යාවන් සඳහා දරුවන් යොමුවීම, මතකය, අවධානය, තීරණ ගැනීම, ගැටලු විසඳීම වැනි උසස් මානසික හැකියාවන්ට ඇතිවන බාධාවන් වැනි මානසික සෞඛ්‍ය සහ සමාජීය ගැටලු ද වේ.
ඔබගේ දරුවා විදත් තිර භාවිතයට ඇබ්බැහි වී ඇති ද යන්න හඳුනාගැනීමේදී පහත දැක්වෙන කරුණු සැලකිල්ලට ගැනීම වැදගත් වේ.
කාලයත් සමඟ විදත් තිර භාවිත කරන කාලය වැඩිවී තිබීම
විදත් තිර භාවිතයට අමතරව දරුවා වෙනදා ආසාවෙන් කළ ක්‍රියාකාරකම් මඟ හැරීම
විදත් තිර භාවිතය සිදුකරන ලද කාලය පිළිබඳ දරුවා බොරු පැවසීම
විදත් තිරවලින් තමාට සිදුවන අහිතකර බලපෑම ගැන දැනුම්වත් වුවත් එය නොතකා දිගින් දිගටම විද්‍යුත් තිර භාවිත කිරීම
විදත් තිර භාවිතය අඩු කිරීම හෝ පාලනය කිරීමට දරුවා අපොහොසත් වීම
තම චිත්තවේග අපහසුතා
භාවිතය වළකාලන අවස්ථාවලදී කේන්තිය, දුක, නොසන්සුන්තාව වැනි ලක්ෂණ පෙන්නුම් කරයි.
තමාගේ ගැටලුව පිළිබඳ අවබෝධයක් නොමැතිකම.
සෑම දරුවෙක්ම විදත් තිර භාවිතයට කැමැත්තක් දක්වන නමුත් සෑම දරුවෙක්ම විදත් තිර භාවිතයට ඇබ්බැහි වන්නේ නැත. එසේ ඇබ්බැහිවීම සඳහා දරුවන්ව යොමු කරනු ලබන අවදානම් සාධක කිහිපයක් පර්යේෂණ මඟින් හඳුනාගෙන ඇත.
දුක, කෝපය සහ බිය වැනි චිත්තවේග කළමනාකරණය කර ගැනීම අපහසුවීම
ආත්ම විශ්වාසය අඩුකම
ආවේගශීලීවීම
මිතුරන්ගේ බලපෑමට පහසුවෙන් හසුවන දරුවන්.
මවුපියභාවයේ සහ පවුල් පරිසරයේ ගැටලු සහිත දරුවන්.
විදත් තිර භාවිතය සම්බන්ධයෙන් නිෙවසේ විනයක් නොමැතිවීම
මෙවැනි අවදානම් සාධක සහිත දරුවන් පහසුවෙන් ඇබ්බැහිවීමට ගොදුරු විය හැකිය. ඔබගේ දරුවා මෙවැනි අවදානම් සාධක පෙන්වන්නේ නම් දරුවාගේ විදත් තිර භාවිතය පිළිබඳව ඔබ දැඩි අවධානයක් යොමුකිරීම වැදගත් වේ.
දරුවන්ට සිදු විය හැකි අයහපත් බලපෑම අවම කිරීම සඳහා විද්‍යුත් තිර භාවිත කිරීම සම්බන්ධව ලෝකයේ විවිධ නිර්ණායක පනවා ඇත. එම නිර්දේශිත විදත් තිර භාවිතය සඳහා වෙන් කළ හැකි නිර්දේශිත කාලසීමාවන්, වයස් සීමාවන්ට අනුව පහත පරිදිවේ.
වයස අවුරුදු දෙකට අඩු දරුවන් සඳහා විදත් තිර ලබාදීම කිසිසේත් නොකළ යුතු අතර අවුරුදු දෙකත් පහත් අතර දරුවන් සඳහා එය දිනකට පැයකට වඩා නොවැඩි විය යුතුය. අවුරුදු හයත්, අටත් අතර දරුවන් දිනකට පැය දෙකකට වඩා අඩු කාලයක් විදත් තිර භාවිතය යෝග්‍ය වේ.
වයසට ගැළපෙන වැඩසටහන් තෝරා ගැනීමට දරුවාට සහාය වීම ද විදත් තිර භාවිත කළ සහ කළ නොහැකි ස්ථාන, දිනයන්, වේලාවන් පිළිබඳ සීමා පැනවීම ඉතා වැදගත්ය. නිදසුන් ලෙස නිදන කාමරයේදී, ආහාර ගන්නා වේලාවට සතියේ සුවිශේෂී දිනවලදී විදත් තිර භාවිතය නොකළ යුතු බවට සීමා පැනවීම වැදගත් වේ.
දරුවන් ප්‍රමාණවත් තරම් බාහිර ක්‍රියාකාරකම්, සෙල්ලම් කිරීම සහ සමාජ කටයුතු සඳහා යොමු කිරීම ද වැදගත් නිර්ණායකයකි.
දැනටමත් විදත් තිර සඳහා ඇබ්බැහි වී ඇති දරුවකු ඉන් මුදා ගැනීමේදී ක්‍රමානුකූලව විදත් තිර භාවිතය සඳහා ගත කරන කාලය අඩුකිරීම යෝග්‍ය වෙයි.
දරුවාගේ දෛනික ක්‍රියාකාරකම්, කාලසටහනකට අනුව සැලසුම් කර ගැනීම ද වැදගත්ය.
පවුලේ අනෙකුත් සාමාජිකයන් තුළ ද විදත් තිර භාවිතය සම්බන්ධයෙන් විනයක් පැවතීම අත්‍යවශ්‍ය වේ.
දරුවකු විදත් තිර භාවිතයට ඇබ්බැහිවීමට පෙර එය වළක්වා ගැනීමට අවශ්‍ය පියවර ගැනීම මවුපියන්ගේ වගකීමකි. තවද යම් ආකාරයකින් ඔබගේ දරුවා විදත් තිර සඳහා ඇබ්බැහි වී ඇති බවට හැඟෙන්නේ නම් දරුවාව මනෝ උපදේශන ප්‍රතිකාර සඳහා යොමු කිරීම ද විදත් තිර භාවිතය සම්බන්ධයෙන් දරුවාගේ හැසිරීම් රටාව ඔබගේ පාලනයෙන් මිදී ගොස් ඇති බව හැඟෙන්නේ නම් දරුවා ප්‍රචණ්ඩකාරීව හැසිරේනම් මනෝවෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීම කෙරෙහි යොමුවීම ද අත්‍යවශ්‍ය වේ.
සායනික මනෝවිද්‍යාඥ – දේවිකා අත්තනායක