Home » වසරේ හොඳම මාධ්‍ය ඡායාරූපය ගාසා තීරයෙන්

වසරේ හොඳම මාධ්‍ය ඡායාරූපය ගාසා තීරයෙන්

by sachintha
April 21, 2025 1:35 am 0 comment

ගාසා තීරයේදී ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයකින් දෑත් අහිමි වූ කුඩා පිරිමි දරුවකුගේ ඡායාරූපය වසරේ හොඳම මාධ්‍ය ඡායාරූපය ලෙස නම් කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ගාසා තීරයේහිම පදිංචි ඡායාරූප ශිල්පී සමර් අබු එලූෆ් විසින් ගනු ලැබූ එම ඡායාරූපය ඇතුළු තවත් ඡායාරූප හැටදහසකට ආසන්න සංඛ්‍යාවක් වසරේ හොඳම මාධ්‍ය ඡායාරූපය සඳහා වන ‘වර්ල්ඩ් ප්‍රෙස් ෆොටෝ’ සංවිධානයේ තරගයට ඉදිරිපත් කළ ඡායාරූප ශිල්පීන් 3,778 දෙනකු අතුරින් අබූ එලූෆ් ජයග්‍රහණය අත්කරගත් බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරයි. අබූ එලූෆ් දෑත් අහිමි 9 හැවිරිදි පිරිමි දරුවාගේ එම ඡායාරූපය ගෙන ඇත්තේ ගාසා තීරයේ අවතැන් වූවන් පදිංචිව සිටි කටාර් රාජ්‍යයේ සරණාගත කඳවුරකදී බවත් වාර්තා වේ.

මහමූද් අජූර් නමැති දරුවා සහ ඔහුගේ පවුලේ සාමාජිකයන් කටාර් රාජ්‍යය වෙත රැගෙන ගොස් ඇත්තේ ද අදාළ ඡායාරූප ශිල්පියා බව ද වාර්තා වේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT