Home » ත්‍රස්ත චෝදනා යටතේ ටියුනීසියාවේ විපක්ෂ නායකයාට වසර 18ක සිරදඬුවම්

ත්‍රස්ත චෝදනා යටතේ ටියුනීසියාවේ විපක්ෂ නායකයාට වසර 18ක සිරදඬුවම්

by sachintha
April 21, 2025 1:36 am 0 comment

රජයට එරෙහිව කුමන්ත්‍රණය කිරීම සහ ත්‍රස්තවාදී චෝදනා සම්බන්ධව වරදකරුවන් වූ ටියුනීසියාවේ විපක්ෂයේ නායකයා ඇතුළු ජ්‍යෙෂ්ඨ දේශපාලනඥයන්, ව්‍යාපාරිකයන් සහ නීතිඥවරුන් රැසකට එරට අධිකරණයකින් දිගුකාලීන සිරදඬුවම් නියම කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. එම චෝදනා යටතේ පුද්ගලයන් 40 දෙනකු පසුගිය 2023 වසරේදී අත්අඩංගුවට ගෙන ඇත්තේ රජයට එරෙහිව කුමන්ත්‍රණය කිරීමේ චෝදනා යටතේ බවත්, ඔවුන්ට වසර 66ක් දක්වා සිරදඬුවම් නියම වී ඇති බවත් විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරයි.

ඒ අතර සිටින ටියුනීසියාවේ විපක්ෂ නායකයන් වන ඉසාම් චෙබීට සහ ජව්හර් බෙන්ට වසර 18 බැගින් සිරදඬුවම් නියම කර ඇතැයි වාර්තා වේ.

විපක්ෂයේ දේශපාලනඥයන් අත්අඩංගුවට ගැනීම හේතුවෙන් එරට ජනපති කයිස් සයිඩ් ජනතා අප්‍රසාදයට ලක්වී ඇති අතර, විපක්ෂයේ ප්‍රධාන දේශපාලන නායකයන් සිරගත කරමින් ඔහු පසුගිය වසරේදී නැවත ජනපති ධුරය අත්කරගත් බවට ද චෝදනා එල්ල වී තිබේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT