Home » චාමර සම්පත් මැයි 5 තෙක් තවදුරටත් රිමාන්ඩ්

චාමර සම්පත් මැයි 5 තෙක් තවදුරටත් රිමාන්ඩ්

by sachintha
April 22, 2025 1:31 am 0 comment

පොදු දේපළ පනත යටතේ පවරා ඇති නඩුවකට රක්ෂිත බන්ධනාගාරගත කර සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා ඊයේ (21) බදුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු මැයි මස 5 වැනිදා තෙක් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස බදුල්ල මහේස්ත්‍රාත් නුජිත් ද සිල්වා මහතා ඊයේ (21) නියෝග කළේය. ඌව පළාත් මහඇමැති වශයෙන් කටයුතු කරමින් සිටියදී ඉකුත් 2016 වර්ෂයේදී පෙර පාසල් ළමයින් සඳහා පාසල් පොත් බෑග් ලබා දීම සඳහා රාජ්‍ය බැංකුවක් විසින් ලබා දුන් රුපියල් ලක්ෂ දහයක මුදලක් සාවද්‍ය පරිහරණය කළේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පොදු දේපළ පනත යටතේ සැකකාර මන්ත්‍රීවරයාට එරෙහිව මෙම නඩුව ගොනු කර තිබුණේ ඉකුත් 07 වැනිදාය.

එදින සැකකාර මන්ත්‍රීවරයා අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව දේපාර්ශ්වය විසින් ඉදිරිපත් කරන ලද කරුණු පිළිබඳ සලකා බැලූ මහේස්ත්‍රාත් නුජිත් ද සිල්වා මහතා විසින් සැකකාර මන්ත්‍රීවරයා අද (21) දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසට නියෝග කර තිබිණ.

බදුල්ල සමූහ – නිශාන්ත අබේගුණවර්ධන

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT