පාස්කුදා ප්‍රහාරය සිදුවී වසර හයක් ගත වන අප්‍රේල් 21 වැනි දින මීගමුව, කටුවපිටිය, දේවස්ථානයේදී ජේ.ඩී. ඇන්තනි, මැක්ස්වල් සිල්වා යන සහායක රදගුරුතුමන්ලාගේ ප්‍රධානත්වයෙන් දිව්‍ය පූජාව පැවැත්විණි. මීසම් සේවක මංජුල නිරෝෂන් පියතුමාගේ උපදෙස් මත මීසම් සංඝය මෙහි සංවිධාන කටයුතු සිදුකර තිබූ අතර මීගමු කලාපීය නාහිමි ශාන්ති කුමාර වැලිවිට පියතුමාද, පූජ්‍ය මොරටුවේ තිලකසිරි හිමිපාණන්ද පියතුමන්ලා ඇතුළු කන්‍යා සොහොයුරියන්ද සමඟ සැදැහැවත් ජනතාව මෙම අවස්ථාවට එක් වූහ. දිව්‍ය පූජාවෙන් අනතුරුව සහායක රදගුරුතුමන්ලා ඇතුළු මියගිය අයගේ සහ වින්දිතයන්ගේ ඥාතීන්ද මියගිය අය වෙනුවෙන් ඉදිකර ඇති නාම පුවරුව වෙත ගොස් පුෂ්පෝපහාර දක්වා පහන් පූජා සිදු කළහ. මෙදින පස්වරුවේ කාදිනල් හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් එම වින්දිතයන් වෙනුවෙන් ඉදිකළ නිවාස 09ක් ප්රදානය කෙරුණි. මෙම අවස්ථාවට රජයේ මැති ඇමැතිවරුන්ද සහභාගි විය.
කොච්චිකඩේ සමූහ ජාඇල විශේෂ