Home » මාතර බන්ධනාගාරයේ රැඳිවියන් අගුණුකොළපැලැස්සට ගෙන යයි

මාතර බන්ධනාගාරයේ රැඳිවියන් අගුණුකොළපැලැස්සට ගෙන යයි

by yasara
April 23, 2025 11:40 am 0 comment

මාතර බන්ධනාගාරය තුළ ඊයේ (22) රාත්‍රියේ හටගත් නොසන්සුන්කාරී තත්ත්වය හේතුවෙන් එහි රඳවා සිටින රැඳවියන් අඟුණකොළපැලැස්ස බන්ධනාගාරයට මාරු කිරීමට අද (23) උදෑසන පියවර ගෙන තිබේ.

මාතර බන්ධනාගාරය තුල සිටි රැදවියන් දෙදෙනෙකු  අගුණුකොලපැලැස්ස බන්ධනාගාරයට රැගෙන යාමට විරෝධය පල කරමින් මාතර බන්ධනාගාරයේ රඳවා සිටි රැදවියන් පිරසක්  22  රාත්‍රි 8.00 ට පමණ බන්ධනාගාරය තුල කලහකාරි තත්වයක් ඇතිවී තිබුනි.

ඇති වු තත්වයත් සමඟ බන්ධනාගාර පරිශ්‍රයේ ඉහළ ආරක්ෂක කුටි වල සිටි බන්ධනාගාර නිලධාරින්ට ගල් මුල් වලින් පහර දිමට රැදවියන් කටයුතු කොට ඇති අතර එම තත්වය පාලනය කිරිමට බන්ධනගාර නිලධාරින් අහසට වෙඩි තබා තිබේ.

මෙම කලහකාරි තත්වයෙන් බන්ධනාගාර නිලධාරින් තිදෙනෙකු තුවාල ලබා මාතර මහා රෝහලට ඇතුලත් කොට ඇති බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.

ඇතිවු කලහකාරී තත්වය පාලනය කර තිබියදි නැවතත් මධ්‍යම රාත්‍රි ආසන්න වන විට රැදවියන් කලහකාරි ලෙස හැසිරෙමින් බන්ධනාගාරය තුල තිබු දේපල වලට හානි කිරිමට පටන් ගෙන තිබු අතර බන්ධනාගාරයේ ආරක්ෂාවට යොදවා තිබුන පොලීස් නිලධාරින් ඇතිවු තත්වය පාලනය කිරිමට කඳුළු ගෑස් ප්‍රහාර දෙකක් හා  අහසට වෙඩි තැබිම් සිදු කර තිබුනි.

ඇතිවු තත්වයත් සමඟ බන්ධනාගාරය තුල සිටි කාන්තා රැදවියන් 25 දෙනෙකු ඔවුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් ඊයේ රාත්‍රීයේම අගුණුකොලපැලැස්ස බන්ධනාගාරය වෙත මාරු කර යැවිමට බන්ධනාගාර නිලධාරින් කටයුතු කර තිබේ.

අද 23 වෙනි දින අලුයම වන විට   බන්ධනාගාරය තුල තත්වය සම්පුර්ණයෙන් පාලනය කොට තිබු අතර බන්ධනාගාරය තුල තිබු ගබඩා කාමරය හා  ස්ථාන කිහිපයක් කඩා දමා ඇතැයි බන්ධනාගර ආරංචි මාර්ග කියා සිටි.

ඇතිවු තත්වය පාලනය කිරිම සඳහා මාතර ,ගාල්ල හා හම්බන්තොට යන දිස්ත්‍රික්ක තුනෙන්ම අමතර පොලිස් කණ්ඩායම් හා පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරින් කැදවිමටද , ගිණි නිවන හමුදාවේ බටයින් සිරුවෙන් තැබිමට අවශ්‍ය පියවර ගෙන තිබු අතර මේ වනවිට බන්ධනාගාරය අවට ආරක්ෂාව තරකොට ඇත.

මෙම කලහකාරි තත්වයෙන් කිසිදු රැදවියෙකුට තුවාල හෝ ජිවිත හානි කිසිවක් සිදුව නොමැති බවට බන්ධනාගාර ආරංචි මාර්ග සඳහන් කර සිටී.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT