මැගසින් බන්ධනාගාරයේ තාප්පයට උඩින් පසුගියදා (20) විසිකළ පාර්සලයක දියර කිරි පැකට් 02ක් තුළ තිබී ජංගම දුරකතන 02ක්, ඩේටා කේබල් 05ක්, මත්පෙති කරල් 10ක්, අයිස් මත්ද්‍රව්‍ය පැකට් 02, චරස් මත්ගුළි 03ක් සහ දුම්කොළ 05ක් සොයා ගැනීමට රාත්‍රී සේවයේ නිරතව සිටි බන්ධනාගාර නිලධාරීන් පිරිසක් සමත්ව තිබේ.
එදින රාත්‍රී 7.00ට පමණ මෙම පාර්සලය කොළඹ, බේස්ලයින් පාර දෙසින් මැගසින් බන්ධනාගාරයේ තාප්පයට උඩින් වැටී තිබූ අතර, එදින රාත්‍රී සේවයේ යෙදී සිටි එම බන්ධනාගාරයේ නිලධාරීන් වහාම ක්‍රියාත්මක වී එම පාර්සලය අත්අඩංගුවට ගෙන ඇත. එය විවෘත කර බැලීමේදී කුඩා ප්‍රමාණයේ දියර කිරි පැකට් 02ක් තිබී ඇති අතර, ඒවා පරීක්ෂා කිරීමේ දී ඒ තුළ මත්ද්‍රව්‍ය, ජංගම දුරකතන ඇතුළු තහනම් ද්‍රව්‍ය රැසක් සොයා ගැනීමට හැකිවී තිබේ.
ජංගම දුරකතන බන්ධනාගාර හදිසි ප්‍රතිචාර උපක්‍රමික බළකාය වෙත ඉදිරි විමර්ශන කටයුතු සඳහා භාර දී ඇති අතර මත්ද්‍රව්‍ය බොරැල්ල පොලීසිය වෙත භාරදී තිබේ. දුම්කොළ මැගසින් බන්ධනාගාර නිලධාරීන් විසින් විනාශ කර තිබේ.
බුද්ධිකා ඉඹුලාන