රුපියල් එක් කෝටි පහළොස් ලක්ෂ පනස් දහසක් වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන ආ ගුවන් මගීන් දෙදෙනෙකු , කටුනායක ගුවන් තොටුපොළ” හරිත මාවත ” ( Green Channel ) ඔස්සේ පිට වී යාමට තැත් කරමින් සිටියදී කටුනායක ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් විසින් අද (23) දින අලුයම අත් අඩංගුවට ගෙන තිබේ .
මොවුන් අතරින් එක් අයෙකු මහනුවර , පේරාදෙණිය ප්‍රදේශයේ පදිංච් 25 හැවිරිදි පෙදරේරුවරයෙකි .
අනෙක් ගුවන් මගියා කොළඹ ප්‍රදේශයේ පදිංචි 46 හැවිරිදි ව්‍යාපාරිකයෙකි.
මොවුන් අද අලුයම 05.00 ට ඩුබායි සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 226 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි .
මොවුන් විසින් ගෙන ආ ගමන් මලු තුළ ” ප්ලැටිනම්” සහ ” මැන්චෙස්ටර් ” වර්ගයේ දුම්වැටි 77,000 ක් අඩංගු දුම්වැටි කාටූන් 385 ක් සගවා ගෙන සිටියදී රේගු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබේ .
මේ වනවිට මෙම ගුවන් මගීන් දෙදෙනා අත් අඩංගුවේ තබා ගෙන ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් විසින් මේ පිළිබද වැඩිදුර විමර්ශන කටයුතු ආරම්භ කර තිබේ .