243
කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් පස්වරු 4.25ට මීරිගම බලා ධාවනය වූ ශීඝ්‍රගාමි කාර්යාල දුම්රිය පස්වරු 5.30ට පමණ ගම්පහ දුම්රිය ස්ථානයේ පිලී පැනීමකට ලක්විය.
අංක 1169 දුම්රිය මෙලෙස පීලිපැනීමකට ලක්වූ අතර මේ හේතුවෙන් ප්‍රධාන මාර්ගයේ මාර්ග දෙකක් අවහිර විය. සවස කාර්යාල දුම්රිය හතරක් පමණ මේ හේතුව නිසා දුම්රිය මාර්ගයේ ඒක දිගට නතර කර තිබුණි. මෙහිදී දුම්රිය සේවකයන් යුහුසුලුව ක්‍රියාත්මක වෙමින් එක් මාර්ගයක දුම්රිය ධාවනය කරවීමට කටයුතු කර තිබුණි.
මේ හේතුව නිසා නිවෙස් බලා ගමන් ගන්නා මගීහු දැඩි දුෂ්කරතාවන්ට පත්වූහ. දුම්රිය සේවකයෝ දුම්රිය මාර්ගය යථා තත්ත්වයට පත්කිරීමට ඊයේ රාත්‍රී කාලයේ සිට කටයුතු කළහ.
සුභාෂිණී සේනානායක නිමල් රාජපක්ෂ