Home » කොළඹට ගෙනා කෝටි ගණනක කුෂ් සහ හෂීෂ් රේගුව භාරයට
අමෙරිකාව, එංගලන්තය සහ ස්පාඤ්ඤය හරහා

කොළඹට ගෙනා කෝටි ගණනක කුෂ් සහ හෂීෂ් රේගුව භාරයට

-විදත් දුම්වැටි සහ චුයින්ගම් තොගයක් ද ඒ් අතර

by sachintha
April 24, 2025 12:10 am 0 comment

ජාත්‍යන්තර අධිවේගී තැපැල් සේවය ඔස්සේ, කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුව වෙත ලැබී තිබූ රුපියල් පහළොස් කෝටි හතලිස් පන් ලක්ෂ පනස් දහසක් වටිනා කුෂ් සහ හෂීෂ් මත්ද්‍රව්‍ය තොගයක්, ශ්‍රී ලංකා රේගුව භාරයට ගෙන තිබේ.

අමෙරිකාව, එංගලන්තය සහ ස්පාඤ්ඤය යන රටවල සිට අදාළ මත්ද්‍රව්‍ය අඩංගු පාර්සල් එවා ඇති බව රේගුව සිදු කළ විමර්ශනවලින් අනාවරණය වී ඇත.

මීගමුව, කදාන, කතරගම, ගනේමුල්ල, මාළඹේ සහ කොළඹ ප්‍රදේශ කිහිපයකට එම පාර්සල් එවා ඇත. ඒ් ගැන සැක සිතා සිදු කළ පරීක්ෂණවලදී මෙහි ඇත්තේ මත්ද්‍රව්‍ය බව අනාවරණය වී තිබේ.

සිදු කළ පරීක්ෂාවේදී කුෂ් කිලෝ 12යි, ග්‍රෑම් 677ක් සහ හෂීෂ් කිලෝ 01යි ,ග්‍රෑම් 852ක් සොයා ගෙන තිබුණි.

මීට අමතරව කුෂ් මත්ද්‍රව්‍ය ඇසුරෙන් නිෂ්පාදනය කළ විද්‍යුත් දුම්වැටි තොගයක් සහ චුයින්ගම් තොගයක් ද මෙහි දී සොයා ගෙන ඇත.

මෙම මත්ද්‍රව්‍ය මෙරටට ඒවා ඇත්තේ කවූරුන්ද යන්න සම්බන්ධයෙන් විමර්ශන සිදු කරන බවත් පැවැසූ රේගුව මත්ද්‍රව්‍ය තොගය වැඩිදුර විමර්ශන සඳහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වෙත භාර දෙන බව දිනමිණට පැවසීය.

සුභාෂිණී සේනානායක

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT