ශ්‍රී ලංකා භෞත චිකිත්සක ක්ෂේත්‍රය තුළ දහසය වසරක ඉතිහාසයක් ඇති සුප්‍රකට ආයතනයක් වන රිවයිවල් ආයතනයේ ප්‍රධාන මධ්‍යස්ථානය කොළඹ 05 ජාවත්ත පාරේ සුලෙයිමාන් පටුමගේ අංක 5 දරන ස්ථානයේදී නව මුහුණුවරකින් සහ නවීන අංගෝපාංගවලින් සමන්විතව පසුගියදා නිල වශයෙන් විවෘත කරනු ලැබිය. ඖෂධවලින් තොර උසස් තත්ත්වයේ භෞතික චිකිත්සාව හා වේදනා පාලන පුනරුත්ථාපන සත්කාර සඳහා නම් දැරූ රිවයිවල් ෆිසියොතෙරපි නව මධ්‍යස්ථානය මෙරට භෞතික චිකිත්සාවේ වැදගත් සන්ධිස්ථානයක් සණිටුහන් කරයි.
මුළුමනින් නවීකරණය වූ රිවයිවල් භෞත චිකිත්සා මධ්‍යස්ථානයෙහි චිකිත්සා කාමර දහයක් ද ක්‍රීඩක ක්‍රීඩිකා සම්බාහන කාමර හතරක්ද සියලු අංගෝපාංගවලින් සපිරි පුනරුත්ථාපන මධ්‍යස්ථානයක්ද සිත් ඇදගන්නා පිළිගැනීමේ අංශයක්ද වේ. වර්ධනය වන කණ්ඩායම් අවශ්‍යතා හඳුනාගනිමින් කාර්ය මණ්ඩල පෙදෙස් සැලසුම්කොට ඇත. මධ්‍යස්ථානයට හුදකලාව හා පවුල් පිටින් පැමිණෙන්නන්ගේ සුව පහසුව තකා පුළුල් රථ ගාලක්ද ඊට එක් කොට ඇත.
වර්ෂ 2009 දී ආරම්භ කරන ලද රිවයිවල් ආයතනය සාක්ෂි මත පදනම් වූ ප්‍රතිකාර ක්‍රමවේද හා රෝගියා ඉලක්ක කොටගත් ප්‍ර වේශය සම්බන්ධයෙන් කීර්තියක් උසුලයි. 2024 දී මෙඩිහෙල්ප් හොස්පිටල් සමුහයට එක්වීමත් සමග රිවයිවල් හි සේවා සහ වපසරිය වැඩි දියුණු විය. රෝගින්ට එක් වහලක් යටදි පුළුල් පරාසයක ප්‍රතිකාර හා සත්කාර ගොන්නක් සමීප කරවමින් විශේෂඥයන්ට හා වෙනත් සෞඛ්‍ය සත්කාර වෘත්තිකයන්ට සිය මධ්‍යස්ථානය තුළ සේවා සැපයීමේ අවකාශ ලබාදීමටද රිවයිවල් සැලසුම් කර ඇත.
නව මධ්‍යස්ථානය විවෘත කිරීමේ දි අදහස් දැක්වූ රිවයිවල් ෆිසියොතොරපි හා මෙඩිහෙල්ප් හොස්පිටල්ස් සමූහයේ කළමනාකාර අධ්‍යක්ෂ චන්දික විජේසිරිවර්ධන මහතා“ අපේ ඉලක්කය වන්නේ පෞද්ගලික හා වෘත්තීයමය සත්කාරයක් සපයන අතරම අර්නඝ භෞත චිකිත්සාවක් සඳහා ප්‍රවේශය සැලසීමයි” යැයි පැවසීය.
ඉදිරියේදී දිවයිනේ මෙඩිහෙල්ප් රෝහල් පවතින ස්ථාන 18 ම රිවයිවල් භෞත චිකිත්සාගාර පිහිටුවීමට අපේක්ෂා කරන බවද ඒ මහතා කීය. භෞත චිකිත්සා සහ සුවතා සේවා වැඩි පිරිසක් වෙත සමීප කරවීම එහි අරමුණයි. ආයතනයේ වර්වධනයත් සමග භෞත චිකිත්සකයන්ගේ හා ක්‍රීඩා සම්බාහකයන්ගේ සෞඛ්‍ය සේවා උපකාරක සේවකයන්ගේද පුරප්පාඩුද වැඩිවී ඇත. ඒ අනුව රෝගීන්ට මුල් තැන දි කටයුතු කිරීමට සමත් වෘත්තිකයන්ට හා සේවකයන්ට රිවයිවල් සමග දිගු ගමනක් යෑමේ අවකාශ විවරව ඇත.