Thursday, May 15, 2025
Home » ගෝලීය අධ්‍යාපනයේ දොරටු විවර කළ එඩියුෆෙස්ට් 2025

ගෝලීය අධ්‍යාපනයේ දොරටු විවර කළ එඩියුෆෙස්ට් 2025

by chanaka
April 24, 2025 10:16 am 0 comment

කීර්තිමත් ජාත්‍යන්තර සරසවිවල නියෝජිතයන් හා උසස් අධ්‍යාපන සිහින දකින සිසු සිසුවියන් මුණගස්වන එඩියුෆෙස්ට් 2025 අධ්‍යාපනික ප්‍රර්දශනය ඉකුත් මාර්තු 23 වැනිදා කොළඹ හිල්ටන් හෝටලයේදි අති සාර්:ක ලෙස පැවැත්විණ. ගෝලීය උසස් අධ්‍යාපනික අවස්ථා ගෙනහැර දැක්වීම මෙන්ම විශේෂඥයන්ගේ මගපෙන්වීම හා සිසුන්ගේ අධ්‍යාපනික අනාගතය පිළිබඳ පුළුල් සාකච්ඡා පැවැත්විමද මෙහිදී සාර්ථක ලෙස සිදුවිය.

මෙරට සිසුන්ට ජාත්‍යන්තරයේ වඩාත්ම යෝග්‍ය අධ්‍යාපනික මංපෙත් සොයාදීමේ අරමුණින් එඩියුෆෙස්ට් 2025 වෙත ලොව වටා ඉහළම මට්ටමේ විශ්වවිද්‍යාලවලින් නියෝජිතයන් කැඳවා තිබිණ. එම විශ්ව විද්‍යාලවල පැවැත්වෙන පාඨමාලා ,බඳවාගැනීමේ පටිපාටි , ශිෂ්‍යත්ව හා වීසා අයැදුම්කිරිම ආදී සෑම අංශයක් කෙරෙහිම ගැඹුරු විස්තරයක් අදාළ නියෝජිතයන්ගෙන් ලබාගත හැකි විය. ඉංජිනේරු, විද්‍යා, ව්‍යාපාර අධ්‍යයන, මානව ශාස්ත්‍ර, සමාජ විද්‍යා ආදී විවිධ ක්ෂේත්‍රවල අධ්‍යාපනික මං පෙත් පිළිබඳව මෙහිදී සිසුන් හා සරසවි නියෝජිතයන් අතර ර්අථවත් සාකච්ඡා සිදුවිය.

සරසවි නියෝජිතයන් සමග සිසුනට තනිවම මුහුණටමුහුණ සාකාච්ඡා පැවැත්වීමට අවස්ථාව ලැබීම මෙහි විශේෂත්වයකි. අවශ්‍ය මග පෙන්වීම යටතේ එකෙණෙහිම අධ්‍යාපන අවස්ථා ලබාගැනීමටද ඔවුනට හැකි විය. එඩියුෆෙස්ට් 2025 යනු සිසුන්ට ආත්ම විශ්වාසයකින් යුක්තව තමාගේ අධ්‍යාපනික අනාගතය සැලසුම්කර ගැනීමට ලැබුණු මාහැගි අවස්ථාවක් බව නොඅනුමානය.

ප්‍රධාන උත්සවාංගයට අමතරව විශේෂ පූර්ව උපදේශන සැසියක්ද පැවැති අතර එහිදී සහභාගි වූ සියල්ලන්ගේ අධ්‍යාපනික පසුබිම හා අභිලාෂයන් මනාව අවබෝධකර ගැනීම සදහා නියෝජිතයන්ට අවස්ථාව ලැබිණ. එමගින් එක් එක් සිසුවාගේ අවශ්‍යතාවන්ට අනුකූලවූ අධ්‍යාපනික සැලසුමක් ඉදිරිපත් කරන්නට පහසු විය. විදෙස් අධ්‍යාපන සිහින දකින සිසුන්ට මෙන්ම දැනටමත් අයැදුම් ක්‍රියාවලියෙහි නිරත සිසුන්ටද එඩියුෆෙස්ට් 2025 මතකයේ රැදෙන වැදගත් අවස්ථාවක් වූ බව නිසැකය.

එඩියු ෆෙස්ට් 2025 සාර්:ක කර ගැනීම උපකාරීවූ විදෙස් සරසවි හා සහභාගිවූ නියෝජිතයන් ට කෘතවේදීත්වය පළ කරන අතරම මෙම අත්දැකීම ඔස්සේ ඉදිරියේදී වඩාත් පුළුල් ඵල ප්‍රයෝජන ලැබෙන අධ්‍යාපන ප්‍රර්දශනයක් ඉදිරිපත් කරන්නට බලාපොරොත්තු වන බව එඩියුෆෙස්ට් සංවිධායක මඩුල්ල පවසයි.)

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT