Home » අවුරුදු 104යි: තඹුත්තේගම වින්නඹු අම්මා දැයෙන් සමුගනී

අවුරුදු 104යි: තඹුත්තේගම වින්නඹු අම්මා දැයෙන් සමුගනී

by sachintha
April 24, 2025 1:29 am 0 comment

 

තඹුත්තේගම, කෝන්වැව ප්‍රදේශයේ පදිංචි ලොකුපොන්නම්පෙරුමගේ එව්ජින් නෝනා 1920 අගෝස්තු මස 07 වැනි දින ගම්පහ දිස්ත්‍රික්කයේ ගණේමුල්ල, බටපොළ රෝහලේදී උපත ලබා තිබේ.

ජයවීර ආරච්චිගේ දොන් සිරිනේරිස් රණසිංහ යන අය සමඟ විවාහ වී දූ පුතුන් නම දෙනෙකුගේ සෙනෙහෙබර මෑණියන් ලෙස ගම්ප්‍රදේශයට අප්‍රමාණ සේවයක් ලෙස වින්නඹු මාතාවක් ලෙස ද ඇය පින්වන්ත සේවයක් කර ඇති තැනැත්තියකි.

මේ වයෝවෘද්ධ වින්නඹු මාතාව මියයන විට වයස අවුරුදු එකසිය හතරයි, මාස නවයයි, දින හයක් ජීවන ගමනේ පියමං කර ඇති බවට ඇයගේ පවුලේ ඥාතීහු වැඩිදුරටත් පවසති.

දූවරු හත් දෙනෙක් සහ පුතණුවන් දෙදෙනෙකුගේ මෑණියන් වන ඇය මේ වනවිට මුනුපුරන් මිණිපිරියන් 142කගේ මිත්තණියකි.

මියයාමට පෙර මුල් මාසයේ ඉතා හොඳ සෞඛ්‍ය තත්ත්වයකින් සිටි ඇය, ජීවිතයේ අවසාන කාලයේදී වයෝවෘද්ධ තත්ත්වයෙන් සිටීම මියයාමට හේතුව බව පවුලේ ඥාතීහු පවසති.

තලාව සමූහ – බී.ඩබ්ලිව්.ඩී. ධර්මකීර්ති

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT