Home » පලුගස්වැව ගම් රැසක වගාබිම් වනඅලි පැන විනාශ කරලා

පලුගස්වැව ගම් රැසක වගාබිම් වනඅලි පැන විනාශ කරලා

by sachintha
April 24, 2025 1:39 am 0 comment

පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් සියඹලාදමන, නාමල්පුර, හල්මිල්ලෑව, මීගස්වැව, කපුදිවුල්වැව ආදී ගම්මානවලට පසුගිය දිනවල කඩාවැදුණු වනඅලි රංචු විසින් තම මහාපරිමාණ වගාබිම් සියල්ල මුළුමනින්ම විනාශ කර දැමූ බවට ගොවීයෝ මැසිවිලි නඟති.

රිටිගල හා හබරණ රක්ෂිතවල සිට හුරුළුවැව රක්ෂිතයට යන වන අලි රංචු මෙසේ ගම් වදිති. මෙම වනඅලි රංචුවක වනඅලි 25 – 30ක් සිටින බව ගොවීහු පවසති. ඔවුන් පොල්, කෙසෙල්, ගස්ලබු, වැටකොලු, වට්ටක්කා, ආදී මහාපරිමාණ වගාබිම් සියල්ල මුළුමනින්ම විනාශ කර දමා ඇත.

සියඹලාදමන ගම්මානයේ පදිංචි සමන් කුමාර මහතා, “අපේ කෙසෙල් අක්කර තුනක් ගස්ලබු අක්කරයක් වැටකොලු අක්කර බාගයක් සම්පූර්ණයෙන්ම අලි කෑවා. පීදීගෙන ආව කෙසෙල් ටික කෑවා. වැටකොළු ඵලදාව නෙළන්න හිටියේ. අපි කුලියට පිරිස යොදාගෙන හැම සේසතම බොහෝම අමාරුවෙන් යොදවලා තමයි මේවා කළේ. දැන් අපි කාට කියන්නද මේ දුක. ග්‍රාමසේවක ඇරෙන්න වෙන කවුරුත් මේ හානි බලන්න ආවේ නෑ. වනජීවී එකෙන් අලිවෙඩි පහක් විතරයි හම්බ වුණේ. මේ පැත්තට කවුරුත් ආවේ නෑ. අපේ දුක බලා අපිට පිහිට වෙන්න කියලා අපි බලධාරීන්ගෙන් ඉල්ලනවා.”

මරදන්කඩවල සමූහ – කේ.එස්. කරුණාරත්න

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT