98
නල්ලතන්නියේ සිට ගිනිගත්හේන පොල්පිටිය දක්වා ධාවනය වූ මෝටර් රථයක් මාර්ගයෙන් ඉවතට පැන අඩි 300ක් පමණ ප්‍රපාතයක් වූ කෙසෙල්ගමු ඔයට පෙරළීමෙන් එම මෝටර් රථයේ රියැදුරා තුවාල ලබා ලක්ෂපාන ප්‍රාදේශීය රෝහල වෙත ඇතුළත් කර ඇති බව නෝර්ටන්බ්‍රිජ් පොලීසිය පැවසීය.
පෙරේදා (22) උදෑසන 7.15ට පමණ මෙම අනතුර සිදු වී ඇත්තේ නල්ලතන්නිය ගිනිගත්හේන ප්‍රධාන මාර්ගයේ නෝර්ටන්බ්‍රිජ් එඩිට් ප්‍රදේශයේදීය.
ධාවනය වෙමින් තිබූ මෝටර් රථයේ හදිසියේ ඇති වූ කාර්මික දෝෂයක් හේතුවෙන් මෝටර් රථය රියැදුරුගේ පාලනයෙන් මිදී මාර්ගයෙන් ඉවතට පැන මෝටර් රථය ප්‍රපාතයට පෙරළී ඇත. අනතුරින් මෝටර් රථයට දැඩි අලාභ හානි සිදු වී ඇත.
හැටන් – රංජිත් රාජපක්ෂ