Home » SLT-MOBITEL ඉෆ්තාර් සමරයි

SLT-MOBITEL ඉෆ්තාර් සමරයි

by mahesh
April 25, 2025 1:00 am 0 comment

ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක වන SLT- MOBITEL, කළුතර අල් මද්රාසතුල් බද්රියා හිදී ඉෆ්තාර් හමුවක් සංවිධානය කිරීමට පසුගියදා කටයුතු කළේය. එහිදී ශිෂ්‍යයන් 75 දෙනෙකුට ආසන්න පිරිසකට රාමසාන් උපවාස අවසන් කිරීමට අවස්ථාව ලැබිණි. මෙය සමාජයීය වගකීම්සහගත බව සහ ප්‍රජාවන්ගේ සුභසාධනය වෙනුවෙන් SLT-MOBITEL දක්වන කැපවීම තවදුරටත් තහවුරු කළ අවස්ථාවක් විය. සාමූහික ප්‍රයත්නයන් මඟින් ප්‍රජාවන් අතර අර්ථවත් වෙනසක් ඇති කළ හැකි බව රාමසාන් උත්සවය ප්‍රබල ලෙස සිහිපත් කරයි. එබැවින් විවිධ දුෂ්කරතාවන්ට මුහුණ දී සිටින ප්‍රජාවන් සමඟ එක් වී මෙම පූජනීය මාසය සැමරීම, ඉස්ලාම් ධර්මය තුළ සඳහන් වන ආකාරයට පරිත්‍යාගයේ සැබෑ හරය තවදුරටත් ශක්තිමත් කිරීමක් බව SLT-MOBITEL දැඩි ලෙස විශ්වාස කරයි.

SLT-MOBITEL හි ආයතනික ප්‍රජා සත්කාර ප්‍රයත්නයන් යටතේ මෙම වැඩසටහන සංවිධානය කරන ලදී. එය ආත්මීය පරිකල්පනය, කෘතඥතාව හා පරිත්‍යාගශීලිත්වය යන ගුණාංගවල වැදගත්කම අවධාරණය කරන අවස්ථාවක් ලෙස රාමසාන් උත්සවයේ වැදගත්කම මැනැවින් පෙන්වා දුන් වැඩසටහනක් විය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT