“අපි මධ්‍යම රජයෙන් ප්‍රාදේශීය සභාවට මුදල් දෙනකල් බලා ඉන්නේ නෑ. ‘ගමේ අපට’ නමින් වැඩසටහනක් ඇති කර එම වැඩසටහන තුළින් රාජ්‍ය නොවන සංවිධාන 95ක් සමග එකතු වෙලා සංවර්ධන කටයුතු සිදු කිරීමට සැලසුම් කර තිබෙනවා. ඒ වගේම රාජ්‍යයන් 16ක් මෙම වැඩසටහනට එකතු වී සිටිනවා. එම රටවලින් අපි ආධාර ලබා ගන්න සූදානම්.” යැයි ජනසෙත පෙරමුණෙන් දැරණියගල ප්‍රාදේශීය සභාවට මෙවර තරග වදින එහි කණ්ඩායම් නායක නාලක නාරම්මල මහතා පැවසීය.
වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේද කීය.
“දැරණියගල ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ ග්‍රාම සේවා වසම් 26ක් තියෙනවා. සමහරුන්ගේ මතයක් තියෙනවා මධ්‍යම ආණ්ඩුව තියෙන අයටම පළාත් පාලන ආයතනවලත් බලය දෙන්න ඕනෑ කියලා. නැතිනම් මුදල් ප්‍රතිපාදන නොලැබෙයි කියලා සැකයක් තියෙනවා. ජනසෙත පෙරමුණේ කණ්ඩායම් නායකයා ලෙස මම දකින්නේ ලංකාවේ ආණ්ඩුව හා පුරවැසියා අතර දුරස්ථභාවයක් තියෙන බවයි. එම දුරස්ථභාවය නැති කිරීමට මා ඉදිරි වසර 5ක කාලය සඳහා කලින් සිදු කළ පරීක්ෂණ හා නිරීක්ෂණ මත ඩිජිටල් වේදිකාව කියන සංකල්පය අනුව අපේ ඡන්ද ව්‍යාපරය දියත් කරනවා. දැරණියගල ප්‍රදේශයේ තමයි ස්වභාවික පිරිසුදු පානීය ජලය තියෙන්නේ. විශාල පානීය ජල ව්‍යාපෘතියක් මාලිබොඩ ප්‍රදේශය කෙන්ද්‍ර කොට ගෙන ආරම්භ කරනවා. ඒ වගේම දැරණියගල සභා බල ප්‍රදේශයේ ජනතාවගේ යටිතල පහසුකම් නංවනවා. ඉන්දීය නිදහස් ගොවි ජන අරගලයට සහභාගී වුණු පළමු ශ්‍රී ලාංකිකයා විදියට මම ගොඩනඟා ගත් සම්බන්ධතා මත බල ප්‍රදේශයේ කෘෂිකර්මාන්තය නංවාලීමට වැඩ කරන අතර, නිෂ්පාදන ආර්ථිකයක් කේන්ද්‍ර කරගෙන පුද්ගලයාගේ භෞතික සංවර්ධනයක් බලාපොරොත්තු වෙනවා.”