ගමේ නායකත්වය ලබා දිය යුත්තේ පළාත් පාලන විෂය ගැන අවබෝධයක් තියන රටේ සම්පත් ගමට ගෙන ඒමට සෘජු සම්බන්ධකම් ඇති පුද්ගලයන්ට පමණක් බව බිංගිරිය ප්‍රාදේශීය සභා පොදුජන එක්සත් පෙරමුණු කණ්ඩායම් නායක මාධ්‍යවේදී රුචිර දිලාන් මදුසංක මහතා පැවසීය.
ඔහු වැඩිදුරටත් මෙසේද කීය. “පළාත් පාලන ආයතනයක් කටයුතු කරන ආකාරය ගැන අවබෝධයක් නැති පුද්ගලයන් ඊට පත්වුවහොත් කොට්ඨාසයේ ජනතා ප්‍රශ්න විසඳීමට ඉහළ දේශපාලන අධිකාරියේ සහාය ලබා ගැනීමට සිදු වෙනවා. ගමේ ගැටලුවක් විසඳීමටත් ඉහළ දේශපාලන සහාය පතනවා නම් ප්‍රාදේශීය සභාවකට නියෝජිතයන් පත් කිරීමේ ප්‍රයෝජනයක් නෑ. අද විශාල කතාබහක් ඇතිවෙලා තියනවා පවතින ආණ්ඩුවටම මේ ප්‍රාදේශීය සභා සහ නගර සභාත් දෙන්න ඕනෑ කියලා. එහෙම එකක් නෑ. මේ මැතිවරණයෙන් පත්වෙන්න ඕන ගම ගැන දන්න, ගමේ ප්‍රශ්න අතරමැදියෝ නොදා විසඳගන්න පුළුවන් කෙනෙක්. තරුණ උගත් බුද්ධිමත් අයත් යවන්න ජනතාව කටයුතු කරන්න ඕනෑ. එහෙම නැතුව විවිධ ජාවාරම් කරන, ගමේ මිනිහෙක්ගේ මූණ බලල හිනාවෙලා කතා කරන්නෙ නැති, ආත බූත පොරවල් දාගත්තම කොට්ඨාසයේ ජනතාවට දෙයියන්ගේ පිහිටයි.
එක සැරයක් අපට මතකයි ගම ගැන නොදන්න ජනතාවගේ සිතුවිලි ගැන අවබෝධයක් නැති මිනිස්සු ටිකක් ප්‍රාදේශීය සභාවලට ගිහින් වෙච්ච දෙයක්. එවර ගමේ පොල්පිත්තක් ඉල්ලුවත් දිනුවා. මිනිස්සු බැලුවේ ලකුණ විතරයි. පුද්ගලයන් නෙමෙයි. මේ සැරෙත් වෙන්න යන්නෙ ඒකම තමයි. ඒ නිසා මෙදා සැරේ හරි පරිස්සමින් වැඩේ කරන්න.”