අලුත්ගම ප්‍රදේශයට පැමිණ සිටි එංගලන්ත පාසල් ක්‍රිකට් සංගමයේ සංචාරක කණ්ඩායම බෙන්තොට ගාමිණී ජාතික පාසලට පැමිණ පාසලේ ගුරු සිසුන් සමඟ සුහද කතාබහක නිරත වී ක්‍රිකට් ක්‍රීඩාවට අත්‍යවශ්‍ය භාණ්ඩ තොගයක් ප්‍රදානය කිරීමේ සත්කාරයක් ඉකුත් දිනයක බෙන්තොටදී සිදු කළහ. එංගලන්ත පාසල් ක්‍රිකට් ක්‍රීඩකයින් කෙටි වේලාවක් බෙන්තොට ගාමිණී පාසල් සිසුන් සමඟ ක්‍රිකට් ක්‍රීඩාවේ නිරත විය. අනතුරුව හත්වන ශ්‍රේණියේ සිසුන් සමඟ එම විදෙස් පිරිස එකට වාඩිවී පාසලේ ඉංග්‍රීසි ගුරුවරියගේ පන්ති කාමර පාඩමකට ද සහභාගි වූ අතර, ඉන්පසු එම එංගලන්ත ජාතික පිරිස මෙම ගාමිණී ජාතික පාසලේ ක්‍රිකට් කණ්ඩායම සඳහා අවශ්‍ය ලක්ෂ පහක් පමණ වටිනා ක්‍රීඩා භාණ්ඩ ප්‍රදානයක් ද නියෝජ්‍ය විදුහල්පතිවරිය ඇතුළු පිරිසක් වෙත සිදු කළහ. මෙම අවස්ථාවට එරට ශ්‍රී ලාංකික පුහුණුකරුවන් වන සමින්ද සේනාපති, තුෂේන්ද්‍ර ද සොයිසා යන මහත්වරු ඇතුළු පිරිසක් එක්වූ අතර අලුත්ගම කලුවාමෝදර බ්ලු සෆියා සංචාරක හෝටලයේ කළමනාකාර අධ්‍යක්ෂ මන්දුරජික්ද සිල්වා මහතා මෙම කටයුත්ත සංවිධාන කර තිබිණ.
එංගලන්ත පාසල් ක්‍රිකට් පිලෙන්
අලුත්ගම - තුසිත කුමාර දසිල්වා
බෙන්තොට ගාමිණී ජාතික පාසලට ක්‍රීඩා භාණ්ඩ ප්‍රදානයක්
by mahesh
April 25, 2025 1:00 am
0 comment
අලුත්ගම - තුසිත කුමාර දසිල්වා
91